නුඹේ තනියට
සොහොන් ගල මත
අරලිය මලක් සුවඳ දෙනවා
ජීවිතයේ කවදාවත් නොලද
සිහිල, පිනි කැට දෙනවා
යව්වනේ උගස් කල
ජීවිතේ තනිකල
කම්මලේ ඇසිඩ් සුවඳ
විඳ විඳ
ජීවිතේ මං එළිකළ
අක්කේ නුඹ
ඉක්මන් ගමනින් ගිහින්
නිසසල අරණේ
සැතපෙනවා...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
No comments:
Post a Comment