Saturday, August 13, 2022

නුඹේ තනියට



නුඹේ තනියට
සොහොන් ගල මත
අරලිය මලක් සුවඳ දෙනවා
ජීවිතයේ කවදාවත් නොලද
සිහිල, පිනි කැට දෙනවා
යව්වනේ උගස් කල
ජීවිතේ තනිකල
කම්මලේ ඇසිඩ් සුවඳ
විඳ විඳ
ජීවිතේ මං එළිකළ
අක්කේ නුඹ
ඉක්මන් ගමනින් ගිහින්
නිසසල අරණේ
සැතපෙනවා...

No comments:

Post a Comment