Monday, July 4, 2022

වෙනසක් - The Change

 


බුර බුරා හැමුවා
දඟර පෑවා ගස් කරටි අඹරාගෙන
රළු රළ අරගෙන
වසා ගොඩකරය කරදියෙන්
නමක් අරගෙන
රුදුරු කුණාටුවක්...

උදා හිරු ලස්සන
නුඹත් තැන්පත්
හමන තාලෙට
ගහ කොළ නැළවෙන
මද පවනක්
සෙනේබර සුළඟක්...

සොබා මවුනි
පුරුදු වාරකන
නුහුරු කුණාටුවක්
කියා දෙන්නේ ද
වෙනසක
පාඩමක්...


නිමිත්ත: 2002 ජූලි 2-3 දිනවල දකුණු වෙරළේ ඇති වූ නුහුරු වාරකන් කුණාටුව හා මුහුද ගොඩගැලීම


4 comments:

  1. ලස්සනයි. අරුත්බරයි.

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු!
      බොහෝම ස්තුතියි, ඇවිත් සටහනක් එක් කරාට.

      Delete
  2. Replies
    1. බොහෝම ස්තුතියි සෙන්නා

      Delete