Monday, July 25, 2022

අලුගෝසුවා රජවුනේ, අපි තවම යුද බිමේ



පැන පැන උඩින්
දැවෙන කඳන් හංදියේ
යට කර මතක
ලොකු පුතු තරුණ සංදියේ...

ලෙලි තලන
කොහු, ලණු සුවඳ යටකර
තෙල් හඳුන්කූරු දැල්වලා
අපි පන්සලේ, පල්ලියේ
සෙත් පතා පූජා කෙළේ
දරුවන්ට යුද බිමේ...

මුනුබුරු මිණිබිරියන් මගේ
තවම නොනිමි අරගලේ
ඉල්ලමින් උන්ට ජීවිතේ
උදාවෙන හෙට දිනේ...

පොලු මුගුරු යකඩ පා
නුඹේ කොහොම ද එසවුණේ
යව්වනේ මල්කැකුළු පොඩි වුණේ
හැමදාම අලුගෝසුවා රජවුනේ
තොණ්ඩුවෙ මකුළු දැල්
ගිලටිනය සෙවණේ
සෙබළුනේ නුඹ අපි
තවම යුද බිමේ...

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts