Monday, July 25, 2022

අලුගෝසුවා රජවුනේ, අපි තවම යුද බිමේ



පැන පැන උඩින්
දැවෙන කඳන් හංදියේ
යට කර මතක
ලොකු පුතු තරුණ සංදියේ...

ලෙලි තලන
කොහු, ලණු සුවඳ යටකර
තෙල් හඳුන්කූරු දැල්වලා
අපි පන්සලේ, පල්ලියේ
සෙත් පතා පූජා කෙළේ
දරුවන්ට යුද බිමේ...

මුනුබුරු මිණිබිරියන් මගේ
තවම නොනිමි අරගලේ
ඉල්ලමින් උන්ට ජීවිතේ
උදාවෙන හෙට දිනේ...

පොලු මුගුරු යකඩ පා
නුඹේ කොහොම ද එසවුණේ
යව්වනේ මල්කැකුළු පොඩි වුණේ
හැමදාම අලුගෝසුවා රජවුනේ
තොණ්ඩුවෙ මකුළු දැල්
ගිලටිනය සෙවණේ
සෙබළුනේ නුඹ අපි
තවම යුද බිමේ...

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts