Friday, June 25, 2021

රෑ එළියක් - The Nightlight


අඳුරු අහසේ
නිමි නිමි දිලෙන
ළංව මුමුණන තරු
ඈත බැබලෙනවා

වාරකන් මුහුද
හෝ හෝ හඬ නගාගෙන
ඈත වෙරළේ
රළ බිඳලනවා

නිදි දෙව්දුව
ගී ගයද්දී මියුරුව
තැන තැන ටෙලිෆෝන
මොරදෙනවා

කළුවර අහසේ
ලා කොළ පාට
එළියක්!
සක්මන් කරනවා

චන්ද්‍රිකාවක්
පියාඹන පීරිසියක්
ඩ්‍රෝන කැමරාවක්
නෙතු අහසට ඇදෙනා

වාසනාව ගෙනෙනා
දේවතා එළියක්
නිදි නැති
බැති සිත් දකිනා

අඳුරු වලාපට
ඉරාගෙන දිවාකර
කුරුලු නද පුරෝගෙන
සුබ දවසක් ගෙනෙනවා

මුදාහල දිගු වරලස
සරසා දෙඋර
පාට පාට සරුංගලයක් අහසේ
තාලෙට ඉඟසුඟ නළවනවා

උරහිස කොඳු නාරටිය
සරසන චූටි චූටි මුදු එළි පේළි
උදා හිරු දැක
හෙමිහිට සැඟවෙනවා...

නිමිත්ත: 2019යේ අඳුරු වාරකන් රැයක අහසේ දිස්වෙන එළියක්

2 comments:

  1. අගේ ඇති පරිසර වැනුමක්!

    ReplyDelete
    Replies
    1. ආයෙත් සරුංගල් කාලේ, ස්තුතියි සටහනට

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts