Tuesday, June 1, 2021

නෙතු වසා සිටියා නම්

 


නෙතු වසා සිටියා නම්
එදා වගේම
දෑස් සිහින් කර
කම්මුල් වලගැහෙන
ලස්සන යොවුන් සිනාව
හිතේ ඇඳෙනා...

නෙතු වසා සිටියා නම්
එදා වගේම
ජීවිතයේ තුංමංසලක
නිදහසේ ඈත පියමංකර
රුවමය හිතේ
රැඳී උන්නා...

නෙතු වසා සිටියා නම්
එදා වගේම
කාලය තටුගෙන පියාසලන'තර
සිනිඳු මුව සේල පට මුවාකර
යව්වනයේ පුරුදු
සුවඳම දැනුණා...

නෙතු වසා සිටියා නම්
එදා වගේම
ලස්සන ඇස් වටකර අඳුර මකා 
රැළි මතුවූ විඩාබර මුහුණෙ ඇඳී
සෙනෙහෙබර සිනාවක අරුමය
මගෑරෙන්න තිබුණා...

නෙතු වසා සිටියා නම්
සිනිඳු මුව සේල පටින්...

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts