Friday, June 18, 2021

විද ගන්නට කොමිස් සොච්චමක් - Commission Earners

 


පාර දිගේ
කුටි
පාපැදි
ස්කූටර
රෝද තුනේ බයිසකල
බෝඩ් ලෑල්ලක
ඇණ හිරකර
උදෙන්ම පිපෙන
රුපියල් විස්සේ මල්,
වාසනාවේ ටිකට්
විකුණන...

මිටින් එකක්
අතින් අරන්
ටවුම පුරා
විදී දිගේ
ඇවිද ගොසින්
ඇය වික්කේ
අහිංසක සිනාවක්
එක් කර...

කවදා මුදාලන්නේ ද
ඉර, රාහු ගිලගත්
පිපෙන්නට මල්
ගුමු ගුමු බිඟුවනට
තුඩ තුඩ විද ගන්නට
කොමිස් සොච්චමක්
බඩ වියත රකින...

4 comments:

  1. Replies
    1. සතුටුයි, බොහෝම ස්තුතියි

      Delete
  2. ස්වීප් විකිණෙන්නේ නැති එකෙන් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලටත් හානියක් නේ ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ස්වීප් ආදායමෙන් රැකෙන අරමුදල් කීපයක්ම තියෙනවා. ඒවායේ යම් සංචිතයක් ඇති. ඒත් දවස් ගානේ හැම තැනම ගිහින් පොඩි කොමිස් මුදලකින් ජීවිතය ගැට ගහගන්න උදවිය... ඔවුන්ට ආයෙත් පාරතොටේ ඇවිදින්න කරන්න ඉඩ ලැබීම ගැන සතුටුයි.

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts