Wednesday, May 26, 2021

පාදමේ හිරකර - Presser Foot

 


නූල් පට හරි සීරුවට අමුනලා
හැඩ කපපු රෙදි පොට පිළිවෙළට
නූල් පාදමේ හිරකර
දම් දහම් සිහිකර
නඟේ නුඹත් දුවනවා
මෝටරයේ වේගයෙන්ම
මෝස්තර පිළි මැවනවා...

කප්පරක් දුක් ගැහට මැද
ජීවන බර කරපින්නා ගෙන
මහ මෙරක් තරණය කරනවා
මල් මල් සිනා මැද
නඟේ නුඹේ සිහිනය
හැම දේදුන්නකම ඇඳෙනවා
පඩි පත එය මකනවා...

ඈත එපිට රට රටවල
රන් කහවණු ගේනවා
ඇති හැකි උදවිය බැල්ම ලබනවා
කම්මලේ දහඩිය සුළඟේ වේළුනාට
මුතු පබළු පංතියේ දිලෙනවා
දනට පිනට පිදෙනවා
ගරු සැලකිලි ලබනවා...

රෝ බිය මර බිය මැද  
අසරණකම යකඩ පාදමේ හිර කර
උන් කර පිට කම්හල් දුවනවා
අසරණ උන් තනිවම
හඬනවා, ගැහෙනවා
අනේ අපි
නිදහස්ය, නිවහල්ය කියනවා...

පාදම - Presser Foot : මහන මැෂිමක මැස්ම නිසියාකරව යෙදීම සඳහා රෙදිකඩ තදකරනු ලබන උපාංගය/කොටස

නිමිත්ත: රෝග බිය පැතිරෙන කාලයක අපනයන නිපැයුම් අංශයක් හැටියට ගැනෙන ඇඟලුම් කම්හල්වල කොටු වූ පිරිසගේ ජීවිත

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts