Tuesday, May 4, 2021

පිවිතුරු අමිල ඔක්සිජන්

 

සිරුර පුරා හැම අහුමුලු වෙත
දිවෙනා රතු රුහිරු
සමඟ වෙලී ඇඳී ගොසින් පුබුදුවනා
ජීවය, ඔක්සිජන්

සිඟිති හදවත රිද්මය ලද දා පටන්
සතොසින් දිවෙන, විඩාබර විටෙක හතිලන
විකසිත සුමුදු කුසුමක සේ අවයව
සුරකින, ඔක්සිජන්

නැතිවිට සැපයුම හරිහැටි අඩපණ වෙන
පරවෙන කුසුමක් සේ සැණෙකින් මැලවෙන
සියොළඟ වේදනාවෙන් පෙළෙතෑකි
නැතිවම බැරි, ඔක්සිජන්

පිය සබඳ... පුංචි විවේකයක් ගන්න
මොහොතක් දෑස පියාගෙන සන්සුන් වෙන්න
ගැඹුරු හුස්ම පොදක් ගන්න
දැනෙනවා නේද
පපු කූඩුව ඉහළ පහළ යන තාලය
ඇසෙනවා නේද
විරාමයක් නැතිව හදවත ගැහෙන රිද්මය

ඒ පුංචි පොම්පය, ඔබේ හදවත
ලහි ලහියේ බෙදනවා රුහිරය හැම දෙස
මුසු කර හුස්ම පොදින් බිඳෙන් බිඳ
උරාගෙන, ඔක්සිජන්

නොනිමි ඉල්ලුම නිරතුරුව සපයන
පෙනහලු පපු කූඩුව තුළ වෙහෙසෙන
අර ගන්නට හුස්ම පොද පණ නල
රකින, ඔක්සිජන්

දුබලව පෙනහලු ලෙඩ වුනොතින්
ගන්නේ කෝමද හුස්ම පොද
රැකුමට සිරුර අවයව හයිකරන්නේ බට
සිලින්ඩර, ඔක්සිජන්

එපා, එපා වෙන්න කලබල
අරන් තියගෙන රැස්කරන්නට සිලින්ඩර
එපා, එපා ඩැහැ ගන්නට
දුබල රෝගියෙකුගේ තව මොහතක හුස්ම
අයිතිය, ඔක්සිජන්

පිළිපැද සුවසෙත ඔවදන් හොඳින්
පරිස්සම් වෙන්න ඔබ සමඟ ස්නේහවන්තයින්
රැකගන්න ඔබේ පපුව තුළ ගැහෙන මහඟු තිළිණය
සත්තයි නිරතුරුව ලබා දෙනු ඇති පිවිතුරු 
අමිල, ඔක්සිජන්

නිමිත්ත: මෙදිනවල පැතිරෙන කොරෝනා රෝග බිය වගේම අසල්වැසි ඉන්දියාවේ මෑතක දී ඇති වූ තත්වය හේතුවෙන් මෙඩිකල් ඔක්සිජන් සැපයුම පිළිබඳව ඇතිවිය හැකි පැනික් තත්වය

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts