Friday, May 7, 2021

වරම් යදින ජීවක

සඳවත ගලන රැයක
අමාවක අඳුරක
තරු එළි තනි නොකළ
නොනිදි පුරවරයන්
වෙලා ද විසාලාවන් තැන තැන
නගරය අවට…

ඈත නිරිතදිග සිට
මහ රෝහල වෙත උඩහ
පිවිසුමෙ නිවහන
උන්නත් පරිස්සමට
තොරතෝංචියක් නැති
ගිලන් සයිරන් හඬ
ඉඩ ඉල්ලනවා බැගෑපත්ව
වරම් යදින ජීවක
අඟුළුලෑ ජනේලය ළඟ
සුවපත් වේවා පතනවා
දම් දහම් සිහිකර...

සැඳෑ අඳුර ඉරාගෙන
ගිලන් රිය දුවන්නේ උඩහට ද
නොදැන සැක
සුවපත් වේවා කියනවා පුරුද්දට
තද කරගෙන කඳුළු කැට
පළාතේ සැතැපෙන අරණ
පාර පහළට…

පිළිපැද සුවසෙත ඔවදන් හොඳින්
පරිස්සම් වෙන්න ඔබ
සමඟ ස්නේහවන්තයින්
ආරක්ෂා වේවා
ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන
ජීවිත හැම…

* නගරය, ගාල්ල

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts