Friday, April 23, 2021

වරා මලක්


මඳ පවනේ පාවෙන
වරා මලක්
සිසිනිඳු සුදු කෙඳි බොකුටුව
ඔසවාගෙන පෑ සන්තිය
නිදැල්ලේ
ඉහළ පහළ බමනවා
රටා මවනවා
මෝරන සුළඟෙ වෙලි
ආලිංගනයක
ඈත ඈත ඇදෙනවා
වියරු සුළඟ
සැර වුනොතින්...
ලස්සන කෙඳි
වියැකුනොතින්...
නුහුරු යායක
නුඹ තනිවෙයි දෝ
බයත් හිතෙනවා...
එනමුදු නුඹ වරා මලක්
සසර ගමන නිදැල්ලේ යන
සැහැල්ලු වරා මලක්...

No comments:

Post a Comment