Friday, April 9, 2021

නිහඬ කඳු


දරාගත නොහැකිව පිපිරුණ
ලෝදිය වගුරමින් හඬන
බුර බුරා නඟින
කළු දුමාරය දුහුවිලි
වසාගෙන නිල් අහස
පුවත් මවන...

ඇතුළතින් ගිනි ගන්න
කැකෑරෙන ලෝ දිය මැඩලා ගෙන
පිපිරුනොතින්
කඳු පාමුල වැනසෙතැයි හිත හිතාම
හැම දේම විඳගන්න
දිරිය සවිය ඇති
උස් මිටි කඳු ද
බොහෝ ඇති
නිහඬව...

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts