කොහේදෝ තවානක
හරි පරිස්සමෙන් වැඩුණ
කීඩාරම පිපුණේ
දෙවසරකට පෙර
බක් මසේ දවසක…
දුගඳ පලුදු කළේ
තිරසට සිරසට සීරුවට යාවුන
සමාජ වියමන
පතුරුවා බිය සැක පැල්ලම...
කීප දිනකින් රමසාන් සඳ උදාවුණා
වෙනදා විලසින් එදත්
දන්නා කියන කාලේ පටන්
අපි බෙදාගෙන බිවූ
කන්ජි ටිකත් නිරස වුණා
නුහුරු දුගඳ ගලද්දි
තලා දෙඉවුරු
සැකය තටු අරන්...
රුදුරු කොරෝනා බූවල්ලා
වෙලා ගනිද්දි ගමරට
හිත් පිත් නැති ලෙසින්
කොවුලා ද ඉගිලුනේ එරමුදු අත්ත මඟෑර
රමසාන් සඳත් වහන් කරන්
ඇදුණා කළුවලා ගිලගෙන
තවත් වසරක අවුරුදු නුපුරුදු ලෙසින්...
ඔද තෙද පාන හිරු රජු
හිණි පෙත්තේ දැන් ඉතිං
අනේක දුක් ගැහැට මැද
පුරුද්දට බක් මල් පිපුණා
කැවුම් කොකිස් සුවඳ දීගෙන
අලුත් අවුරුද්ද ලබද්දි
පෑයුවා රමසානයේ නවසඳත්...
කවුරු කවුරුදෝ හිස පැළැන්දුව
කටුඔටුනු පසෙකලා,
ඉර බැස යන සොඳුරු සැන්දෑවක
කන්ජි කෝප්පයක් බොමුද
ඉස්සර වගේම ආයෙත් ඉතිං...
සටහන:
කන්ජි (කැඳ, porridge) - දවසේ රමසාන් උපවාසයෙන් (නෝම්බු) මිදුන පසුව ආහාරයට ගන්නා වූ සම්ප්‍රදායීක කැඳ විශේෂයකි. ලොව පුරා මුස්ලිම්වරුන් අතර ජනප්‍රිය මෙම ආහාරය ප්‍රධාන වශයෙන් තිරිඟු ඇට යොදාගෙන පිසනු ලබයි. ලංකාවේ තිරිඟු වලට අමතරව රතු කැකුළු හාල්, පොල්කිරි ද එකතු කර පිසින (slow cooker) කන්ජි ලංකාවට විශේෂිත ආහාරයකි.
ඩීන් අයියාට සුබ අලුත් අවුරුද්දක් සහ ප්‍රීතිමත් රාමසාන් අවුරුද්දක් වේවා !
ReplyDeleteඔබටත් එසේම වේවා සෙන්නා, මෙදා පාර රමසාන් සමයත් වෙනස් ඇති නේද?
Delete