Friday, April 7, 2017

කඩවීදියේ පායන අවුරුදු සඳ

නිදිකිරන කාර්තුවක් ඇදගෙන
ගාටමින් යන මාර්තුව අග
කඩවීදියේ තැන තැන
කූඩාරම් කඩ පූදිනවා

ලොකු සාප්පු කඩවල
රාක්ක මත සැතැපෙන අයිටම්
අලුත් මෝස්තරවලට ඉඩ දී
පාර දිගේ අවුරුදු සේල් වෙනවා

ගිනි කාස්ටකේ බැට කන
කඩවීදිය සෝ සුසුමෙන් පුරවන
පොඩි සීසනල් මුදලාලිලා
කොහා කොහේදැයි විමසනවා

විඩාබර දවස අග ඉර
ඈත සයුරේ සැඟවෙන්නට මත්තෙන්
කඩවීදියේ පායන සඳ
පොලී මුදලාලි හිනැහෙනවා...

8 comments:

  1. තාමනං පේමන්ට් එකේවත් අවුරුදු නෑ මේ ගමන.

    ReplyDelete
    Replies
    1. මෙහේ පේමන්ට් වල මාර්තු දෙවන සතියේ ඉඳන් අටවාගෙන, වේලෙනවා බලන්න කණගාටුයි

      Delete
  2. අනේ මන්දා මෙදා පාර නම් කොහා වත් ඇවිත් නෑ. අවුරුදු ටවුන් වල නම් තියේවි. ගම් මැද්දෙ නම් තාම නෑ.
    කාලෙකින් ලිව්වත් ලස්සනයි කවි පන්තිය.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අක්කෙ.
      නිපැයුම් ඇති ගම්බද ජනකොටසට බලපාද්දි නගරයට නිකම්ම දැනෙනවා.

      Delete
  3. දැන් අවුරුදු දැනෙන්නෙම නෑ නෙ.. කිසි ගානක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් යාළු ඒ වචනවල දිග පළල ගැඹුරටම දැනුනා. ඒත් Is there light at end of the tunnel?

      Delete