නිදිකිරන කාර්තුවක් ඇදගෙන
ගාටමින් යන මාර්තුව අග
කඩවීදියේ තැන තැන
කූඩාරම් කඩ පූදිනවා
ලොකු සාප්පු කඩවල
රාක්ක මත සැතැපෙන අයිටම්
අලුත් මෝස්තරවලට ඉඩ දී
පාර දිගේ අවුරුදු සේල් වෙනවා
ගිනි කාස්ටකේ බැට කන
කඩවීදිය සෝ සුසුමෙන් පුරවන
පොඩි සීසනල් මුදලාලිලා
කොහා කොහේදැයි විමසනවා
විඩාබර දවස අග ඉර
ඈත සයුරේ සැඟවෙන්නට මත්තෙන්
කඩවීදියේ පායන සඳ
පොලී මුදලාලි හිනැහෙනවා...
තාමනං පේමන්ට් එකේවත් අවුරුදු නෑ මේ ගමන.
ReplyDeleteමෙහේ පේමන්ට් වල මාර්තු දෙවන සතියේ ඉඳන් අටවාගෙන, වේලෙනවා බලන්න කණගාටුයි
Deleteඅනේ මන්දා මෙදා පාර නම් කොහා වත් ඇවිත් නෑ. අවුරුදු ටවුන් වල නම් තියේවි. ගම් මැද්දෙ නම් තාම නෑ.
ReplyDeleteකාලෙකින් ලිව්වත් ලස්සනයි කවි පන්තිය.
බොහෝම ස්තුතියි අක්කෙ.
Deleteනිපැයුම් ඇති ගම්බද ජනකොටසට බලපාද්දි නගරයට නිකම්ම දැනෙනවා.
දැන් අවුරුදු දැනෙන්නෙම නෑ නෙ.. කිසි ගානක් නෑ...
ReplyDeleteඔව් යාළු ඒ වචනවල දිග පළල ගැඹුරටම දැනුනා. ඒත් Is there light at end of the tunnel?
Deleteඅපූරුයි...
ReplyDeleteබොහෝම ස්තුතියි
Delete