තට්ටු තරාදිය කොක්ක උඩින්
වමතින් ඔසවාගෙන
දෙපැත්ත කැපෙන කඩුව
අනික් අතින්ගෙන
නීල දෑස රෙදිකඩකින්
වසා අඳකර
ජිප්සි සාය රැළි වළලුකර
වටා හැඩකර
කුමරියේ...
මලකඩ බැඳි
හයි වුණ පුරුක් දම්වැල්
එල්ලෙන තට්ටු යුවළ
දණ්ඩ මැද්දෙන් කොක්ක බදාගෙන
කිරන්නේ කෝමද සම බරව...
තිබුනට මුවහත දෙපැත්තේ
එක වගේ නැති කඩුව
කපන්නේ කෝමද සම සමව...
ඇත්ත කියාපන්
කුමරියේ...
දිරාපත්ව සිදුරු පෑදුණ
ඇස්බැඳි රෙදිකඩ තුළින්
නුඹ බලනවා නේද
නොපෙනෙනා සේ...
විඩාබර නම්
කුමරියේ...
පසෙකලා මොහොතක්
ඇස්බැඳි රෙදිකඩ
තට්ටු තරාදිය
දෙමුවහත් කඩුව
දැතේ ඇඟිලි තුඩුවලින්
මෑත්කර විහිදුවා
රැළි සාය රවුමට
නටමු
අහිකුණ්ඨික නැටුමක්
One of your best
ReplyDeleteThank you very much
Deleteඅදයි දැක්කේ.. හෝ හෝ අගෙයි ඩීන් අයියා
ReplyDeleteබොහෝම ස්තුතියි, නිවාඩු කාලේ පෝස්ට් එකක් නේ.
Deleteනීතියේ දෙවගන නේද ! ඇත්ත තමා ඔය ගෑනි හොරෙන් බලනවා...
ReplyDeleteඅනේද කියන්නේ...
Delete