අඩු වැඩිකොට
බෙදා ගුණකර
උනුනටම
වාසි ගෙනෙන සේ
සකසන
අගය
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
ගුණ කරොත් වාසියි
ReplyDeleteබෙදුවොතින් පාඩුයි
හරයට කරනදේම
ඉබේටම සිදුවෙයි
අනුන්ගේ පානෙන්
එළිය ලැබ සැනසෙයි,,,,,ලවය
හරයක් නැති හරය
ReplyDeleteහරියට කරොත් ගොඩය
ලවයත් ඔහෙ වැනෙත
හරක් පිට රැඳි ළමයි අපිමය
හරකා උඩ ළමයා
සාමාජයේ හරයන් රකින්න බණ දෙසමින් තමන්ගේ මඩිය තරකරගන්න ක්‍රම හැදීම ගැන ලොකු කතාවක් පොඩි පදපෙලකින් ඉදිරිපත් කරලා තියෙන ලස්සන.
ReplyDeleteතිත්ත ඇත්තක්....
ReplyDeleteකෙටි පදපෙලින් දිගහැර තියන අර්ථය අපූරුයි.
ReplyDeleteඅනෙත් අන්තය දිහා බලල ලියල තියන පිළිතුරු කවිත් මරු.
ඇත්තටම අනර්ඝයි...
ReplyDeleteසත්තකින්ම ඇත්ත
ReplyDeleteඅපූරුයි අදහස
කොහොමත් මගෙ සහෝදරයා අතින් ලියැවෙන්නේ හරයක් ඇති දේවල්මනෙ...
ReplyDeleteසුලා
නියම අදහසක්...
ReplyDelete@හරී - පිණිපළස:
ReplyDelete"අනුන්ගේ පානෙන්
එළිය ලැබ සැනසෙයි,,,,,ලවය "
ගණිත කවියේ පාර්සල් අදහස ගොඩාක් සිත්ගත්තා නංගී. බොහෝම ස්තුතියි.
@wath:
ReplyDelete"හරක් පිට රැඳි..."
පදපෙලේ සමාජමය විමසුම උපරිමයි. බොහෝම ස්තුතියි නංගී.
@නෙල්ලි:
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබේ සටහනට.
@``` Outsider```:
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි ඔබේ සටහනට
@Raven:
ReplyDeleteඒ කවිමුතු පොකුරක් වෙලා අදහස තවත් බබලවනවා.
බොහෝම ස්තුතියි මල්ලි සටහනට.
@ගී සිතුවම්.......:
ReplyDeleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
ඔබේ අඩවියේ ගී සිතුවම් ගනනාවක් රසවින්ඳා පෙර දවසක; බොහෝම අලංකාරයි, ගොඩාක් සිත්ගත්තා. හැබැයි මෙදා තමා සටහනක් තියලා ආවේ.
ඔබේ සටහනටත් බොහෝම ස්තුතියි.
@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි මිත්‍රයා.
@සුලා:
ReplyDeleteකවදත් වගේ සුවඳ මලක් තියලා ගිය මල්ලියේ තුති.
@prasanna86k:
ReplyDeleteගල්මල් අඩවියට පීනා ආ ගොල්ඩ් ෆිෂ් සාදරයෙන් පිලිගන්නවා, කරදියේ කොරල්පර ලස්සන කරන්නේ අපි එකතුවෙලා නේ...
බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් කලාට.
("සොඳුරු සිත" කියවද්දි ගොල්ඩ් ෆිෂ් පැනය විසඳ ගත්තේ)
@හරී - පිණිපළස & @wath:
ReplyDeleteඔබ දෙදෙනාගේ කවිමුතු මේ නිර්මාණය තවත් දීප්තිමත් කලා.
නැවතත් ස්තුතියි.