Saturday, December 11, 2010

සිසිරයේ තනි වූ


සිසිරය ලඟ එතැයි
විහඟුන් රෑනින් ඉඟිල ගියා
හිම කැටි බරැතැයි
ගස් කොළ සැලුවා
හිම පොඩි දියවෙතැයි
හිරුත් ඈතට වෙලා
අඳුර නුඹ වෙළතැයි
හිමතරින් එඹී බලා
පහන්ටැඹ සැරසෙතැයි
මද එළියක් විහිදලා


මෙ ඡායා රූපයෙන් දැක්වෙන්නේ 2010 නොවැම්බර් 30 දා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවරට ආසන්න ෆ්ලෙඩ්බර්ග් කදුකර ප්‍රදේශයේ අධික හිමපතනයෙන් වැසීගිය දසුනකි.

ඡායා රූපය දුටුවිට සිතුනේ; ඇති හැකි පුලුවන් උදවිය හිම වැටෙන්නට කලින් යන්න ඇති...
ඡායා රූපය: AP Photo

10 comments:

  1. හිම සීන් එක ලංකාවෙ තිබුනනම් අනිවා ඕකෙ ඔය බල්බ් එක පත්තු වෙන්නෙ නෑ.

    ReplyDelete
  2. කාටත් කලින් එහෙන් පිටත් වුන කට්ටිය දැන් ලංකාව පැත්තට එනව ඇති අයියා...

    කවු ද දන්නව ද?

    අයිය ම කියල තියෙන්නේ 'විහඟුන්"

    ReplyDelete
  3. @dinesh:
    එකත් එහෙම වෙන්න පුලුවන් තමයි.
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  4. @wath:
    හැබෑව. අපේ පුන්චි රට ඒ අතින් මොන තරම් නම් වාසනාවන්තද දේශගුණිකව.

    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  5. අප්‍රාණික වස්තුවක් ගැන සප්‍රාණික හැඟීමක්... අපූරුයි අයියේ නිර්මාණය වෙනදා වගේම... ඇත්ත ලංකාව පුංචි වුනත් වාසනවන්තයි දේශගුණිකව...

    ReplyDelete
  6. @විශ්මි:
    මම සිහින සෙවනැළි වල සැරිසරන අතරතුර අඩවියේ ඇත්තෝ මෙහේ ඇවිදින්. බොහෝම සන්තෝසයි, ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  7. හිම... මතක් වෙනකොටත් එපා වෙන හිම...
    (හැබයි හොඳ උණුහුමට ඉඳගෙන හිම වැටෙනව බලන් ඉද්දි නම් ආසයී...)

    ReplyDelete
  8. @චේජනා:
    නංගි සඳහන් කලා වගේ හිම වැටීම බලන්න ලස්සන වුනත් දැන් දැන් යුරෝපයේ සාමන්‍ය උදවියත් එතරම් හිමට ප්‍රියක් නැතිව ඇති. ඒ ඔවුන්ගේ ආර්ථිකය ද දැනට බලපෑමට ලක්ව ඇති නිසා.

    දෙසැම්බර් මැද හරියක් වුනත් මෙවර තවමත් එතරම් සිසිලක් නැහැ අපිට් නම්, හිම කෙසේ වෙතත්.

    ReplyDelete
  9. හ්ම්...කතරට සිසිරය ප්‍රමාදයි තමයි..

    සුලා...

    ReplyDelete
  10. @සුලා:
    එක විදියකට ඒකත් හොඳයි නේද?

    බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් තියා ගියාට.

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts