
නීල අහසේ
ඉහළට නැග
සිපගෙන වළාපෙළ
පැලැඳි හිම සළුපට
එපා හලන්නට
කෝප වී
වස්සා
මොර සූරන වැසි
යටකරන පහත්බිම
වෙසෙන අසරණයින්
නැහැ කලේ වරදක්
උත්සන්නට
රසදිය කඳ
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
//උත්සන්නට
ReplyDeleteරසදිය කඳ//
උෂ්ණත්වය ඉහල යෑම නිසා හිම කඳු දියවී අපි වගේ පුංචි දූපත් රටවල් යට වෙන එක ගැන නේද මේ කියන්නේ...
අයියා.. හැබැයි ඉතින් වරද හිම කඳු වල නම් නෙමෙයි ඕං...අපේම වැරදි. අපේම කීවට වැඩි පංගුව අයිති දියුණූ රටවල් වලට... එයාල එක එක සමළු තිය තිය පරිසර උෂ්. අඩු කරන්න කියන්නේ මේ අපි වගේ අහිංසක රටවලට...
ඇත්තට ම ලංකාවට මෙච්චර වහින්නෙ ඒ හින්ද ද දන්නෙ නෑ නේද..?
ReplyDeleteඒකෙත් හැටි.. කරදර ඔක්කොම අපිට
කුණු ඔක්කොම බේරෙ වැවට කිව්වළු..සහෝදරයාගෙ"අවදිය" නම් අනර්ඝයි..
ReplyDeleteසුලා..
ඔව්ව ඔහොම තමයි ඩීන්
ReplyDeleteමොනවා කලත් අන්තිමට පහල ඉන්න අපිව තමයි බයිට් වෙන්නේ
මේ සුලා ට මම එක එක තැන් වල පනිවිඩ තියනවා (තිසාගේ අඩවියේ, මාරයගේ අඩවියේ එහෙම)
ReplyDeleteඒත්
මාත් එක්ක අමනාපයෙන්ද මන්දා නෝ රිප්ලයි.
ගිනිගත් පුරවරට කිම පිණි දියෙන් පල???
ReplyDelete@දුකා,
ReplyDeleteඔබතුමාගෙ අඩවියට පහුගිය ටිකේ ආවා ගියාට අළුත් ලිපි තිබුනේ නැහැ නොවැ..ඉතිං සටහනක් දාන්න බැරි වුණා..ඒ ගැන සමා වෙන්න ඕනෑ..කොහොම නමුත් ආයෙත් ලියන්න පටාංගත්තු එකට නම් සන්තෝසේ බැරුවා..
සුලා
@wath:
ReplyDeleteකඳුවගේ ඉහලට ගිහින් වනසපු ඈයෝ, ඉහළට නගින්න උත්සාහ ගන්න අයට නීතිදානවා නුඹලා රත් කරන්න එපා කියලා. ඒ දෙගොල්ලෝ වාද වෙන අතර කඳු පාමුල අපි වගේ දූපත් වගේම දුප්පත් රටවල් බැට කනවා.
ඇත්තෙන්ම කඳුවල වරද නෙවේ, දියුණු කියන ඈයෝ වනසපු එක මිසක්.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@චේජනා:
ReplyDeleteවෙන්න ඇතිනේ...
පාකිස්තානයේ නුහුරු ගංවතුරට කාරනය වූයේ හිමාලය හා අවට කඳුවල හිම ස්තර දියවීම බව කියැවුනා.
ඕසෝන් ස්තරය පලුදුවීම හා පෘථිවියේ ඌශ්ණත්වය ඉහල යෑම උත්තරධ්‍රැවයේ හිම කඳු දියවීමට හේතුවන බවත් ඉන් ඇතිවන මුහුදු ජල මට්ටම ඉහළ යෑම නිසා මාලදිවයිනට අයත් දූපත් ගනනාවක් යටවීමේ තර්ජනයත් මතුවී ඇතිබවත් පසුගිය කාලයේ විද්වතුන් කියා සිටියා. අපිත් ලඟ පාතම නේද?
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@සුලා:
ReplyDeleteඒකනම් ඇත්ත හැම දෙයම පල්ලමට... බොහෝම ස්තුතියි සටහනට.
@දුකා:
ReplyDeleteඔව් හැම දෙයකම බර පාමුලට, මෙතැන දී ද එයමයි.
ඔන්න දැන් සුලා හා දුකා මහ මුහුදයි මහ පෙලොවයි අතර තියෙන ගල්මල්-පරයක හමුවුනා නොවැ.
@හරී - පිණිපළස:
ReplyDeleteහැල්මේ දුවන පරිසරය නසන
ගිණිගත් පුරවරක පිණි බිඳක් නොවේ පලක්
වැලි කැට එක්ව තැනෙන
වේල්ලක බිත්ති රඳයි බිඳ බිඳ එක්වූ ජල කඳක්
ස්තුතියි නංගී සටහනට
ලස්සන අදහසක් මිත්‍රයා
ReplyDeleteමේ දින වල ඔන්න මාෂල්ස් අයිලන්ඩ්ස් යට වේගෙන යනවලු මේ සිද්දිය නිසා.
අර කිවත් වගේ ඉතින් මේවට වැඩි හරියක් වග කියන්න ඔනේ අපේ මිනිසුන්ම තමා
ලස්සන නිර්මාණයක් යාළු
@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබේ විමසුම් සටහනට
බලපුළුවන්කාරයන්ගේ ක්‍රියාවලින් නැගෙන ගෝලීය උණුසුමෙන් මෙන්ම වෙනත් අයහපත් ප්‍රතිපලවලිනුත් වඩාත්ම පීඩා විඳින්නේ ඊට කොහෙත්ම සම්බන්ධයක් නැති අසරණයින්. දැන් ලෝකය පුරාම සොබාදහම මිනිසාට එරෙහිව නැගී සිටිනවා වගෙයි. නමුත් සොබාදහමත් බලපුළුවන්කාරයන්ගෙ ගොන්නටම එකතු වෙලා අසරණයින් පෙළනවද මන්දා.
ReplyDeleteලස්සන නිර්මාණයක්.
@චන්දිමා:
ReplyDeleteකවදත් බැට කන්නේ දුබලයා.
බොහෝම ස්තුතියි නංගී විමසුම් සටහනට.