Saturday, August 29, 2026

ප්‍රදීපාගාරය: අඳුරට එළියක්

 


විඳගෙන රළු රළ උපේක්ෂා
විදින රැස්කඳ අඳුර සිසාරා
කියන පාර ගල්පර බේරා
පතන නැති තුතිමල් කිසිදා

ඔරුපාරු සුවිසල් නැව් නැත කාරි
ලොකු පොඩි රළු රළ පේළි
එගොඩ මෙගොඩ පැද යන්නට බේරි
අඳුර දෙබෑකර විදිනා රැස් කාන්ති

පාමුල පෙණ පිඬු පිපී පරවෙන
හමන මදනල මාරුත එකසේ පිළිගෙන
ඉසව්ව නුඹේ ගිලුන ද අඳුරින
දල්වා පහන හද පතුලෙන් බැබළෙන

අප හැම තුල ඇත එළියක බලයක් 
දුක ගැහැට නෙක කරන අඩු වැඩියක්
විය හැකිය තවෙකෙකුගේ අඳුරට එළියක්
ලද නොලද වුව තුති මල් කළඹක්



ලබන්නට නොව ලබා දෙන්නට ආලෝකය


the Lighthouse කියවන්න ඔබ සැමට ආරාධනා!

Thursday, August 20, 2026

අයිස් කුට්ටියක් උඩ - The Tip Of The Iceberg

 


"නරක් වෙලා"
උගුල්ලපු දත
හරව හරවා බලනවා
දොස්තර
කීපවරක්ම ඔහුම පුරවපු
දත...

සයුරේ පාවෙන
අයිස් කුට්ටියක
දිය යට වෙත්ද කොච්චර
සඟවා ගෙන
බැලන්ස් කරන
කැප්ටන්!


ලුණු ඇබින්දක් ලෙස කොමාවක් ","
අවශ්‍ය තැන්වලදී එකතු කරගන්න


Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts