Friday, January 11, 2013

රුදුරු කතරක අසරණ නුඹ



අසරණ නුඹ
පැතුමන් පොදි බැඳගෙන
රුදුරු කතරක
නෙක බැට කනවා
නුඹෙ කරමතින්
කෙම්බිම කහවණු අදිනවා
එගොඩ උස බර හින්දා
සොයුරියේ නුඹව
යට කරනවා ද මන්දා...

..~~..

නුඹෙ සිහින
සිර කුටියක
බොඳ වෙන්න ඇති
නුඹෙ ගෙල
හිත් පිත් නැති
කඩුවෙන් ගිලිහෙන්න ඇති
නුඹෙ ලෙය
ඉරි තැලුන පොළොව
තෙත් කරන්න ඇති
නුඹෙ ගත
කුරිරු ලොවින්
නිදහස් වෙන්න ඇති
රිසානා නගේ
අසරණ සුමනෙලා, සත්‍යාලා, සිත්තිලා
බේරාගනින්

කරුණාකර අදාල සටහන මෙතැනින් කියවන්න

Thursday, December 13, 2012

ඇනෝපිල මදුරුවනේ


සට සටගා තටු සලන
ඇවිත් වහනවා තැන නොතැන
අනුන්ගේ ලෙයම රසකර උරන
තුඩඟින් ලෙඩ ගොඩ බෙදන
විෂ දඟර මොටද එලුවා දැල

ඇනෝපිල
දැල වටා කැරකෙන
පරපෝෂිත මදුරුවනේ
කන්දොස්කිරියාව හුරු හින්දා
නුඹේ සහතික උවමනා නැති මා
අවදියෙන් නිදි සේ උන්නා

මුවඟ සිනාවෙන් සරසා ගෙන
පයින්ට් ගණන් දන් දුන්න මා
සත්තයි දෑහින් දැක්කා රුහිරු රතු පාට
නියතයි හතර වරිගයෙන් එකක් වෙනවාට
එදන කවුරුන් හෝ ලබන්නැති
එවුන් කවුරු වුණත් කම්නැත
මිනිසත් බව ලද්ද


Image Source: http://redcrosschat.org/wp-content/uploads/2012/08/mosquitoo.gif

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts