ඇවිත් වහනවා තැන නොතැන
අනුන්ගේ ලෙයම රසකර උරන
තුඩඟින් ලෙඩ ගොඩ බෙදන
විෂ දඟර මොටද එලුවා දැල
ඇනෝපිල
දැල වටා කැරකෙන
පරපෝෂිත මදුරුවනේ
කන්දොස්කිරියාව හුරු හින්දා
නුඹේ සහතික උවමනා නැති මා
අවදියෙන් නිදි සේ උන්නා
මුවඟ සිනාවෙන් සරසා ගෙන
පයින්ට් ගණන් දන් දුන්න මා
සත්තයි දෑහින් දැක්කා රුහිරු රතු පාට
නියතයි හතර වරිගයෙන් එකක් වෙනවාට
එදන කවුරුන් හෝ ලබන්නැති
එවුන් කවුරු වුණත් කම්නැත
මිනිසත් බව ලද්ද
Image Source: http://redcrosschat.org/wp-content/uploads/2012/08/mosquitoo.gif
මේ මදුරු දැල් සමාගම්, එක එක මදුරු කොයිල් සමාගම් ටිකයි, අපේ මන්ත්‍රීවරු ඇමතිවරු ටිකයි කීයක් හරි හොයාගන්නේ ඔය ඇනෝපිල මදුරු හින්දනේ.
ReplyDeleteසහතික ඇත්ත කතාව.
Deleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
කාලෙකින්..
ReplyDeleteමට තුන්වෙනි කවියෙ අදහස තේරෙන්නෙ නැහැ
දැල දාගෙනත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති මදුරුවෝ...
Deleteඑවුන් වර්ග කරගෙන සාම්පල් ඉල්ලනවා වගේ, නැතිනම් වර්ග කරන්න ඉල්ලනවා. ලේ දන්දෙන උදවිය දන්නවා කාටත් පොදු රතු ලෙය වර්ග හතරින් එකක්, කවුරු හෝ මනුස්ස ප්‍රාණියෙකුට උවමනා කරන වෙලාවක අමිල දෙයක් වෙනත් බේද නැති.
ස්තුතියි අය්යා
Deleteහතර වරිගය කිව්වහම මටත් මුලින් ආවෙ වෙන අදහසක්. දැන් තමා හරි අරුත වැටහුනේ.
Deleteඒ පැටලැවිල්ල තවත් වැඩි වෙලා ඇත්තේ එකක් කියන වචනය එක්ක කියලා වැරදි විදියට යෙදිලා තිබුණ නිසා වෙන්න ඕනේ - සමා කරත්වා!
Deleteහ්හ්ම්.... අදත්, තේරුම් ගන්න කළ මගෙ උත්සහය අසාර්ථකයි....
ReplyDeleteනලිනි නංගිට ලියූ පිලිතුරු කොමන්ටුවේ කාරණයයි මුල් වුනේ.
Deleteබොහොම දක්ෂ කවියක් මචන්..දිගටම ලියන්න එනවා මේ පැත්තේ
ReplyDeleteහැමදාම බලන්න...
බොහෝම ස්තුතියි ඔබට. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
Deleteමේ කියවන අතර
ReplyDeleteමදුරුවෝ කැරකෙති වට කොට
පන්කාව කැරකුණත් ජමරෙට
අවසර ලත් සැනින් විදිති මට
කියුබන් උන් කැන්දූ
Deleteදඟරෙට අහු වුන හින්දා
මැති මදුරුවේ සරති
මනු ලෙයම උරලා
කාලෙකට පස්සෙ ඩීන් මල්ලි ගෙන් අරුත්බර කවි පෙලක්. ලේ දන් දීම තරම් උතුම් පිනක් නෑ නේද? මිනිසත් බව ලැබූ අපිට කරන්න පුළුවන් උතුම්ම දානය.
ReplyDeleteබොහෝම කැමැත්තෙන් අවුරුදු ගානක් කල දානයක්.
Deleteලියන්න ඕන දේවල් එමටයි, දුෂ්කර දෙයක් වුනත් ටිකක් නිහඬව ඉන්න හිතුවා.
බොහොම කාලෙකින් නේද ඩීන් අය්යේ . මදුරුවන්ට වඩා සමාජ උවදුරක් මේ කවි පෙලේ ඇති බව මට නම් තේරෙනවා . මොනව කරන්නද මදුරුවත් හොඳ උදාහරණයක් . ආයෙමත් අපට හිතලා හිතලා තේරුම් ගන්න අමුතු කවි ලියවේවි කියා සිතනවා නොකඩවා
ReplyDeleteඔබ හරි. අනිවාර්යයෙන්ම ලියනවා, ලියන්න වෙනවා.
Deleteඇත්තටම ඔය මදුරුවන්ට බ්ලඩ් ගෲප් වෙනස් උනාට ප්‍රශ්නයක් නැතුව ඇති නේ?
ReplyDeleteනියම පද පෙළක්.
පරපෝෂිතයින් වුනාම උරාබොන එකේ ගෲප් එක ප්‍රශ්ණයක් නම් නැහැ - විදින්න පුලුවන් නම්.
Deleteකවියෙ අදහස විස්තර කරලත් කිව්වට පස්සෙ අද මම ඇවිත් තියෙන්නෙ, ඒක හොඳයි, නැත්නන් මටත් තුන්වෙනි කවිය තේරෙන එකක් නෑ...
ReplyDeleteතුන්වන කවියේ අකුරු දෝෂ්යක් තිබුණා, ඒකත් පටලැවිල්ලට හේතුවක් වෙන්න ඇති.
Deleteමේ වෙලාවට ඕන කරන්නේ DDT !!
ReplyDeleteකවි පෙල ලස්සනයි
කාලෙකට පස්සේ මේ පැත්තේ දැකීමත් සතුටක්.
Deleteමදුරුවෝ දෙවර්ගයක් - ඉන් කොටසක් ගස්වල සාර උරාබොන අතර අනෙක් කොටස සත්ව ලේ උරන්නන්. DDT වලින් අසරන එවුන්ටත් වදියි නොවැ.
ඩීන් අයියා මේ දවස් වල මදුරුවා සමග වාසේ වගේ...
ReplyDeleteහැම දෙයක් දිහාම අයියා කවි හිතකින බලන හැටිනම් හරිම රසවත්..
හඳේ සෞම්‍ය එලිය දකිමු අඳුරු ආවාට යටපත් කරලා.
Deleteඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
ReplyDeletehttp://sinhapedia.blogspot.com/
විවේකයේ ඒ පැත්තට එන්නම් කෝ.
Deleteමට නම් පෙන්වනන් බැරි අසික්කිත සත්තු කොටසක් තමා මදුරුවෝ කියන්නේ මුන් කාවට කමක් නැහැ කුන් කුන් ගාල කනවටේ කැරකි කැරකි පල් එකත් දානවනේ එතකොට මල ඩබල්
ReplyDeleteකෝරලේ වලව්ව
සහතික ඇත්ත නොවැ මහත්තයෝ
Delete