Saturday, February 13, 2021

අසම සම ගෙත්තම - Biometric

 


අසම සම ගෙත්තම
සුමුදු ඇඟිලිවල
වයිරම් රේඛා ඇන්ඳේ කවුරුද
නවලොව තැන තැන නිතරම
ගත උණුසුමට සුවහසක් වගතුග සුපිරීක්සන
මීමැසි විලසේ තතු අරගෙන පියාඹන...

ලස්සන නීල නුවන් යුගලේ
සොඳුරු කතාවක් ලීවේ කවුරුද
තෙරක් නැති ජීවන මංපෙතේ
තොටින් තොට හිඳ එබී සුපිරීක්සන
දෙබරුන් රහසේ පිටපතක් විදගෙන...

ඇඟිලි රේඛාවන්, කළු ඉංගිරියාව
විස්මිත අපූරු ගෙත්තම
කවුරු කෙලෙස කළේ ද
සුවහසක් තතු ඇති
මනුලොව සජීවි හැඳුනුම
අසම සම...

අනේක හැඩ රටාවන් පිරි රේඛා සිත්තම 
අල්ලා ගත්තද විදු සිප් ශිල්ප
දත්ත කන්දරාව අංකනය කළ
සුළැඟිල්ලක වෙත් ද මෙච්චර විස්තර
හිතාගනු මැන නෙතක මහිමය...
 
උණුසුම සෙනෙහස ජවය
ජීවිතය පුබුදුවන අරුමය
තුඬැඟිලි කෙළවර දැවටුණ,
පිටුවෙන් පිටුව කියවා ඉවර නැති
සෙනෙහෙබර පොත
නීල නෙත් යුගලය
සොඳුරියේ
සැසඳුම් උපමා නැති...


ආගන්තුක යෙදුම්:

ඇඟිලිවල වෛරම් රේඛා = ෆින්ගර් ප්‍රින්ට්

ගත උණුසුමට සුපිරීක්සන = බයෝමැට්‍රික් ස්කැනරය (ක්‍රියාකරන්නේ ශරීරයේ උණුසුමට සංවේදීව)

සුපිරීක්සන = ස්කැන් කිරීම

අංකනය කළ = ඩිජිටයිස්

අසම සම = යුනික්

සුළැඟිල්ලක වෙත් ද මෙච්චර විස්තර = ෆින්ගර් ප්‍රින්ට් ඉමේජයක සුවිසල් බයිට් ප්‍රමාණය


No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts