Thursday, September 10, 2026

සිත්තරෙක් - The Painter

 


ජීවිතයම සිතුවම් එකතුවක්,
නුඹ සිත්තරෙක්...
කැමැතිම පාට තෝරාගෙන හැඩ කරන
වඩාත් කැමැති පාට හනි හනිකට ගෙවෙන...

අලුත් පාටකූරු පෙට්ටියක් අරගෙන
තව පිටුවක්, පිටු කීපයක්
නුඹ සතුටින් පාට කරන
ඇල්මක් නැති පාටම ඉතිරි කර...

සිතැඟි පිටුවෙන් පිටුව
ඔපකර පාටින් පාට
නුඹත් දන්නේ නැහැ
එකතු වෙන්නේ,
ඉතිරි වෙන්නේ,
ඇල්මක් නැති පාට පාට කූරු...
මඟෑරුනු පිටු,
නුඹේම සිතුවම්,
පාට කරන්නට කිසි තේරීමක් නොකර...

නුඹ, නුඹේම සිතුවම්
කැමැතිම පාටින් පාට කරන්නට,
බැරිවූ සිත්තරෙක්...
ජීවිතයම සිතුවම් එකතුවක්,
නුඹ සිත්තරෙක්...

ජීවිතයම පාටකූරු පෙට්ටියක්
සිතුවම් පාට පාටින් හැඩකර
ඇල්මක් නැති පාට ගොඩක් ඉතිරි කර
සිත්තරෙක්...

ජීවිතය සිතුවම් එකතුවක්,
පාටකූරු පෙට්ටියක්...
නුඹ සිත්තරෙක්



2021 ඔක්තෝබර් වලදී කල මගේ නිර්මාණයක් වෙන ජීවිතය පාටකූරු පෙට්ටියක් වාගේ පදපෙල ගීතයක් කරන්න ගත් උත්සාහයේ දී පොඩි වෙනසක් සහිතව කර නිර්මාණයක් සිත්තරෙක්.

සවන් දෙන්න සිත්තරෙක් ගීතය, අඩුපාඩු කියන්න.


තුතිමල් මිටක්: ලස්සන තනුව හා සිංදුව | Beautiful song done by Suno AI

4 comments:

  1. හරිම අපුරුයි. රසවත් කතාවක්. ගීතයත් රස වින්දා ඉතා මිහිරියි. සුභ පැතුම් ඔබට.

    ReplyDelete
    Replies
    1. සතුටුයි. ඔව්, කතාවක් කියන එක හරියි, ඒක දිග කතාවක් ලියන්න පුලුවන් ටොපික් එකක්, පදපෙලක් කිරීමක් ගීතයක් වුනේ. බොහෝම ස්තුතියි සටහනට.

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts