Saturday, August 8, 2026

පෙළීම - Tightening

 


පොඩ්ඩක් හරි කැරකේ නම් ඇණ මුරිච්චිය
කරකවමින් හැඩි දැඩි යකඩ මෙවලම 
තව, තව තද කිරීම සිරිතය,
හරියාකාරව සවි කෙරුම නෙවැ ඉලක්කය.
ජීවිතයේ කෙළවරක් නැති තැලීම් පෙළීම්
එවගේම වෙන්නැ'ති.
අවස්ථා දෙකේදීම
බිඳ-වැටිය හැකි සීමාවක් පවතී,
එනමුත් මුහුණදිය යුතුය,
දරාගත යුතුමය.

English Version: Tightening 

6 comments:

  1. 💔💔...
    "කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස". රත්න ශ්‍රීගෙ පදත් මතක්වුනා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. ඔව්, වස්සානය ලස්සන පදපෙල.

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts