Sunday, May 24, 2020

දොරඟුළු හැර නිදහසේ - Free from Lockdown


හිත්පිත් නැති
කටු කොරෝනාව
දුව පැන ඇවිදින නුවර
හිරකර නුඹ ගෙදර...
නිදහස කවදා ද
දින ගනිනවා ඇති
පෙරළමින් දින දසුන,
එදවස හෙට නම්...
ඉපිලෙනවා ඇති
සිත...
තුටින,
නුඹ බෝ තුටින...

සුරතල් සතුන්
නුඹ සෙවණේ
සෙනෙහේ ලබන
පැකට් කෑම රස කර බුදින
එන්නත දෙක කාලෙට විඳින
දන්නවා නම් දවස
කූඩුවෙ දොරඟුළු හරින
අනේ උන්ගේ
හිතට...

* අවලාදයක් නොව, නිදහස් සිතුවිල්ලක් පමණි

2 comments:

  1. xxතෝ උන්ට දුක හිතේවි දාලා යන්නෑ :(

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න හේතු දෙකක් ඇති
      1. ස්වාමියාට ඇති බැඳීම
      2. එසතාට එහෙම නිදහසේ යන්න ඇති හැකියාව නැතිවීම (කෘතීම පරිසරයක වැඩුන නිසා)

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts