රැල්ල
පීරන කල
එකම දෙසට
වේ ආරෝපණය පදමට
ඇදගනී සැහැල්ලු
හැම එදෙසට
පවතින තුරු
මන්දායුෂ
ස්ථිතික ආරෝපණ...
English version: Attraction by Static Current
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
නියමයි
ReplyDeleteබොහෝම ස්තුතියි ප්‍රසන්න
Deleteඅදත් ෆේල්. . ...
ReplyDeleteමතක ඇති පුංචි කාලේ ප්ලාස්ටික් පෑනක් අරගෙන එහි කෙලවරක් කොන්ඩේ අතුල්ලලා ඉතා කුඩා කඩදාසි කැබලි අසලට ලංකලාම, එයට ඉතා කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය වන බව. එහිදී සිද්ධවෙන්නේ පෑන හිසකෙස්වල ඇතිල්ලූ විට (පිරිමැදීම නිසා) පෑන තුල අතිරේක ඉලෙක්ට්‍රෝණ ප්‍රමාණයක් එක්රැස්වෙනවා. ඒනිසා පෑන (-) ලෙස ආරෝපණය වෙනවා. ඉන්පසු පෑන අසලට කුඩා කොළ කැබලි ලංකල විට, පෑන දෙසට එම සැහැල්ලු කොළ කැබලි ආකර්ෂණය වීමට පටන් ගන්නවා. එහෙමයි ඒ සිද්ධිය සිද්ධවෙන්නේ (සාමාන්‍යයෙන් පොළව හා එහි මතුපිට ඇති දේවල් ධන (+) ලෙස ආරෝපණය වී ඇති බවටයි සලකන්නේ).
Deleteමෙලෙස පරිවාරක/කුසන්නායක පෘෂ්ඨයක මත ඇතිවෙන ආරෝපණය ස්ථිතික විද්‍යුතය (static current) හෙවත් ස්ථිතික ආරෝපණය හැටියට හැඳින්වේ.
අද දකින්න තියෙන ප්‍රවණතාවයක් තමයි, විශේෂයෙන් සෝෂල් මීඩියා හරහා මොනවා හෝ මාතෘකාවක් අල්ලාගෙන ඇදගෙන යාම, ඒක හරියට ඉහත කී පිරිමැදීම/ඇතිල්ලීම වගේ. ඉන් වෙන්නේ මාධ්‍යය යන පෘෂ්ඨයේ නිතැතින්ම ඇතිවෙන ස්ථිතික ආරෝපණය. එම ආරෝපණ ශක්තියේ පැවැත්ම හා හැකියාව (බර, ප්‍රමාණය) යන සාධක පෘෂ්ඨය වෙත තව තවත් ආකර්ෂණය කරගනී. හැබැයි ස්ථිතික ආරෝපණය කියන එකේ ආයුෂ සාමාන්‍යයෙන් කෙටිය.
මෙ පදපේළිය ඉංග්‍රිසියෙන් ලියුවේ මෙහෙමයි:
DeleteTrend ramble
charges the surface
Attracts
objects of able weight
Until static current
remain intact...
මෙහි ramble කියන තනි වචනය බොහෝ දේ කියවේ; talk or write at length in a confused or inconsequential way