රස්නය මිස
උරුම නැත
ලහිරු කිරන,
කාලයේ වියැකෙන
වැහි සීරාවේ
තෙතමනය මිස
වරම නැත
සුමුදු සඳකැන,
එනමුදු රඳවාගෙන
සැකිල්ල පිළිවෙළට
උරදෙන වහල
සදන සෙවන...
සොඳුරු නිවහනක
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
ගෙදරක අම්මා ගේ චරිතයත් මේ වගේ කියලා මට හිතෙනවා
ReplyDeleteකැණිමඩල කියන්නේ ඕකටද? කොහොමත් ඕනැම තැනක බර අදින එකාට දුකම විතරයි, සැපවිදින්නේ බොරු පෙනුමට ඉන්න, සෝබන කාරයො...
ReplyDeleteදුක හිතෙනවා.අපි අතර ඉන්න සමහරුත් ඔය වගේ.කිසිදාක ඇගයිමක්වත් නෑ
ReplyDelete