Sunday, April 9, 2017

කුමරියේ බැලුම් හෙළන



තට්ටු තරාදිය කොක්ක උඩින්
වමතින් ඔසවාගෙන
දෙපැත්ත කැපෙන කඩුව
අනික් අතින්ගෙන
නීල දෑස රෙදිකඩකින්
වසා අඳකර
ජිප්සි සාය රැළි වළලුකර
වටා හැඩකර
කුමරියේ...

මලකඩ බැඳි
හයි වුණ පුරුක් දම්වැල්
එල්ලෙන තට්ටු යුවළ
දණ්ඩ මැද්දෙන් කොක්ක බදාගෙන
කිරන්නේ කෝමද සම බරව...
තිබුනට මුවහත දෙපැත්තේ
එක වගේ නැති කඩුව
කපන්නේ කෝමද සම සමව...
ඇත්ත කියාපන්
කුමරියේ...
දිරාපත්ව සිදුරු පෑදුණ
ඇස්බැඳි රෙදිකඩ තුළින්
නුඹ බලනවා නේද
නොපෙනෙනා සේ...

විඩාබර නම්
කුමරියේ...
පසෙකලා මොහොතක්
ඇස්බැඳි රෙදිකඩ 
තට්ටු තරාදිය
දෙමුවහත් කඩුව
දැතේ ඇඟිලි තුඩුවලින්
මෑත්කර විහිදුවා
රැළි සාය රවුමට
නටමු 
අහිකුණ්ඨික නැටුමක් 
සංගීතෙ තාලෙට...

English version: Beauty in Sad

6 comments:

  1. අදයි දැක්කේ.. හෝ හෝ අගෙයි ඩීන් අයියා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, නිවාඩු කාලේ පෝස්ට් එකක් නේ.

      Delete
  2. නීතියේ දෙවගන නේද ! ඇත්ත තමා ඔය ගෑනි හොරෙන් බලනවා...

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts