නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Sunday, June 18, 2023
උරුමය - Legacy
Sunday, June 4, 2023
වැසි දවසක් | The Rainy Day
දවසම සීතලය, අඳුරුය, නිරසය;
වැස්ස වහිනවා, සුළඟට නැහැ වෙහෙසක්;
ලියවැල තවම දිරාපත් බිත්තිය බදාගෙන,
එනමුත් සෑම සුළං පහරකටම වියළි කොළ හැළෙයි,
දවසම අඳුරුය, නිරසය.
මගේ ජීවිතයම සීතලය, අඳුරුය, නිරසය;
වැස්ස වහිනවා, සුළඟට නැහැ වෙහෙසක්;
මසිත තවම වෙලාගෙන දිරාපත් අතීතය,
එනමුත් යව්වනයේ පැතුම් පුපුරා කඩාවැටෙන,
සැමදා අඳුරුය, නිරසය.
නිසොල්මන්, දුක්බර හදවත! නොවෙන පරිණත;
වසන් කළමුත් වළාවන් හිරු බැබළෙන;
ඉරණම කාටත් පොදු ඉරණමය,
සෑම ජීවිතයකටම වැස්සක් වැසිය යුතුමය,
සමහර දවස් අඳුරු, නිරස වෙන්න ඕනමය.
Note: Henry Wadsworth Longfellow [1807-1882, American poet and educator] කවියාගේ The Rainy Day කවිය පරිවර්තනය කරන්න ගත් උත්සාහයකි.
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
Featured Post
ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
Popular Posts
-
තනමින් රැල්ල පැතිරි යන රැඟුමක්, පෙරැත්තයක්, ආශාවක්… කෙටි කලක් වැජඹෙන විලාසිතාවක්… සිහිවටනයක, පෙමාදර තිළිණයක දිළිසෙන මතුපිට ඔපය පුරා දිවෙන ...
-
සැඩ හිරු මුදුනේ කරටිය දවනවා, පාමින් රැඟුමක් තාලෙට අතු රැළිදියේ අඳිනවා, පොඩි රළ පේළි ඇවිදින් ඔච්චම් කරනවා, දව දවා පෙලුවත් කඳ ඉරු දෙසටම ඇදෙන...
-
දැවෙටෙමින් හද පිරිමදින රිද්මය දෙන, සුවපත් කරන පෙළමින් වෙහෙසට පත්කරන දව දවා අළු කර දමන හීන්සැරේ බැසයන සොඳුරු සිසිලස ගෙනෙන සැඟව මුලු ගැන්වෙන...
