Sunday, June 18, 2023

උරුමය - Legacy



තටුගත් වාහනයක්
විදිල්ලේ ඇදුණා
ගොළුබෙල්ලෙකු
පාර අයිනේ හෙමිහිට
රිදී ඉරක් අඳිනවා...
හිටු මෙහෙම
පඳුරු සෙවණේ...
විදුලි රැහනේ
ලැග උන් ඇටිකුකුළා
මොන මොනවා දෝ
කියා තටු ගැහුවා...

ගෙවුණේ විනාඩි කීපයක්
චටාස්!
ගොළුබෙලි කටු කෑලි
තාර පාරේ
ඇටිකුකුළා තුටින්
අහසට විද්දා...

 

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts