Sunday, October 31, 2010

සෙවණැල්ල


අඳුර නුඹ
එළිය දකින්නට
වරම් දෙන

සේයාව නුඹ
අඳුරේ ගමනෙදි
ඉදිරියෙන් පියමැන
මග පෙන්වන

සේයාව නුඹ
එළිය දුටු විට
ඉදිරියට යවා
තනියට එන

සේයාව නුඹ
අසලින් හිදින
කලණ මිතුර



පතොක් යායට පියනගමු...

Tuesday, October 26, 2010

පන්හිඳ


වට පියාපතක්
උල් බට පතුරක්
කටු තලයක්
ගිලූ තීන්ත කුප්පියක්
පන්හිඳ

පිර වූ සීමාව
ගලා උල්පතව
පුරවා පත් ඉරු
රැඳි සාක්කුවේ
පන්හිඳ

තුඩ බෝල රැන්දු
උකු තීන්ත පිරවූ
වැඩි වේග කැන්දු
මන සිත් බැන්දු
පන්හිඳ

දැඩි ලෝම තුඩින
සැදි මන රුවින
ඇඳි සිහින් ඉරින
වැඩි සිත් දිනින
පන්හිඳ

පුවරු වේ එබී
ක්ලික් හඬ දිදී
තිරයේ හැඩ ගනී
සුරතේ නොම රැඳී
පන්හිඳ


ඔබ සැමට ඇරයුමක්! පතොක් යායට පියනගමු...

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts