Tuesday, October 26, 2010

පන්හිඳ


වට පියාපතක්
උල් බට පතුරක්
කටු තලයක්
ගිලූ තීන්ත කුප්පියක්
පන්හිඳ

පිර වූ සීමාව
ගලා උල්පතව
පුරවා පත් ඉරු
රැඳි සාක්කුවේ
පන්හිඳ

තුඩ බෝල රැන්දු
උකු තීන්ත පිරවූ
වැඩි වේග කැන්දු
මන සිත් බැන්දු
පන්හිඳ

දැඩි ලෝම තුඩින
සැදි මන රුවින
ඇඳි සිහින් ඉරින
වැඩි සිත් දිනින
පන්හිඳ

පුවරු වේ එබී
ක්ලික් හඬ දිදී
තිරයේ හැඩ ගනී
සුරතේ නොම රැඳී
පන්හිඳ


ඔබ සැමට ඇරයුමක්! පතොක් යායට පියනගමු...

2 comments:

  1. හ්ම්, පන්හිඳේ පරිණාමය. අපූරු විමසුමක් !! මෙතනින් කොතැනටද ?

    ReplyDelete
  2. @දුමී:
    ඉදිරියේ දී එලි දකින්න නියමිත ලයිට්-කීබෝඩ් (light-keyboard) එකත් සමඟ ක්ලික් හඬත් නැතිවෙලා යාවි.

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts