Sunday, October 31, 2010

සෙවණැල්ල


අඳුර නුඹ
එළිය දකින්නට
වරම් දෙන

සේයාව නුඹ
අඳුරේ ගමනෙදි
ඉදිරියෙන් පියමැන
මග පෙන්වන

සේයාව නුඹ
එළිය දුටු විට
ඉදිරියට යවා
තනියට එන

සේයාව නුඹ
අසලින් හිදින
කලණ මිතුර



පතොක් යායට පියනගමු...

4 comments:

  1. තනි නොතනියෙදි
    කවදාවත් නොම හෙල්ලේ
    බිතුසිතුවම නුඹය
    හැම දා සෙවනැල්ලේ

    ReplyDelete
  2. ඇති දා එළිය පමණකි නුඹ ළඟ ඉන්නේ
    අඳුර පැමිණි විගසින් කොහි සැඟවෙන්නේ

    ReplyDelete
  3. @විහඟ ගීතය:
    ඇති දා වටේ කැරකෙන
    නැති දා වැරදීවත් නොඑන
    මිනිසුන් මැද තනිරකින
    සෙවැණල්ල බිතුසිතුවම

    ReplyDelete
  4. @හරී - පිණිපළස:
    නැතිදා එළිය නුඹ රැකගන්නේ
    නොදුටුවට කරපින්නා ගෙන යන්නේ

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts