Thursday, June 2, 2011

ප්‍රතාපවත් රටඉඳිගස - ස්ලයිඩ් ෂෝ

මේ තියෙන්නේ රටඉඳිගස ගැන පිංතූර හා තොරතුරු එක්තුවකින් සැකසූ ස්ලයිඩ් ෂෝ එකක්. මෙහි දකුණත පැත්තේ පහළ කෙළෙවරේ දකින්නට ඇති හතර මුලුවලට දිස්වූ ඊතල මත ක්ලික් කර Full Screen view කරත හැකිය.




මෙය ප්‍රතාපවත් රටඉඳිගස පොස්ට් එක හා සම්බන්ධ ස්ලයිඩ් ෂෝ එකයි. Embed කරවිට Comment කිරීමේ ප්‍රශ්ණයක් මතුවෙන නිසා පොස්ට් එකෙන් ඉවත්කරන්න සිදුවුනා. ඒත් බලන්න පහසු ලෙස මෙසේ වෙනම පොස්ට් කරනවා. කොමන්ට් කිරීමට ප්‍රතාපවත් රටඉඳිගස පොස්ට් එකම යොදාගන්න පුලුවන්.

14 comments:

  1. චමත්කාර සිතුවමක් වගේ.හරිම ලස්සනයි.දැනුවත් කලාට ස්තූතියි

    ReplyDelete
  2. ඔය ගහේ එල්ලිලා ඉදි කපන එකනම් මම අබුඩාබී වලදී දැක්කා අයියෙ...මොකද ඉදි කොලේ අගිස්ස ඇනෙන සුළු ස්වභාවයක් තියෙන නිසා ගසට ලං වෙන්න බැරිව ඇති කියලයි මට හිතුනේ....ඒක වෙන හේතුවක් තියෙනවද ?

    ඒ වගේම අමු රට ඉදි ගෙඩිය හුඟාක් පිටි සහිතයි නේද ?

    ReplyDelete
  3. මට මේ බ්ලොග් එක මෙච්චර කල් මග ඇරිලා. රට ඉඳි ...ම් ..ආසම කෑමක්. මෙහෙ හරි ගණන් . හොඳ විස්තරයක් . නොදැන සිටි දෙයක්.

    ReplyDelete
  4. මල්ලියේ හරිම වටිනා ලිපියක්. විස්තර ගොඩක් දැන ගත්තා. මට ඉදුණු රට ඉඳි ගෙඩිවල රස බලන්නට ඩුබායි ගිය වෙලාවක ලැබුනා. වේලිලා කනවාට වඩා මම කැමති එහෙම අමු පළතුරක් ලෙස කන්නයි. පරිසරය ලස්සන කරන්න ඉඳිගස් වවන එක කොච්චර වටිනවද?

    ReplyDelete
  5. හරිම ලස්සනයි ඩීන් අය්යා. විශේෂයෙන්ම අර කාන්තාරයේ රට ඉඳි ගස් වදුල හරිම අගෙයි. අපි මෙහෙ දකින්නෙ නෙලාගෙන සෑහෙන්න පරණ වුණු ඉඳිනෙ. අර විදිහට ගහේ ඉදීගෙන යන ඉඳිගෙඩිවල හරිම ලස්සනක් තියෙනවා. එක ගහක වලු කීපයක් හැදෙනවා නේද?
    බොහොම ස්තුතියි. අය්යා හුඟක් මහන්සි වෙලා.

    ReplyDelete
  6. @Gimhani:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  7. @දිල්:
    මේ ප්‍රෙසන්ටේශන් එක සකසන අතර තුරත් දිල් නංගි කාලෙකට කලින් කී ඉඳි පලදාව නෙලන ක්‍රමය සම්බන්ඳ කතාව මතක් වුණා.

    ඉඳිගසේ කඳ පොල්, පුවක්, කිතුල් වලට වඩා වෙනස්. කඳ පුරා වේලී ගිය ඉඳි අතුවල කොටස් මෝස්තරයට පිහිටලා තියෙන නිසා අරකී ගස්වල වගේ බඩගාලා නගින්න අමාරු හින්දා වෙන්න ඇති ඉඳි ගසේ එල්ලිලා වගේ නගින්නේ. තවත් හේතුවක් වෙන්න ඕනේ ඉඳි ගසේ කඳ අනික් තාල වර්ගයේ ගස් වලට වඩා මහතයි.

    මහා පරිමාණ ඉඳි ගොවිපලවල පලදාව නෙලීමට යාන්ත්‍රික ලිෆ්ට් වගේ යන්ත්‍රෝපකරණ පාවිච්චි කරනවා.

    වසරකට හෝ දෙකකට කලින් දකුණු ඉන්දීය කේරළ ප්‍රන්තයේ විශ්ව විද්‍යාලයක් පැවැත්වූ නව නිර්මාණ තරඟයක් සඳහා යාන්ත්‍රානුසාරයෙන් වැඩකරන පොල් පලදාව නෙලන උපකරණ ඉදිරිපත් කරන්නැයි ඉල්ලා තිබුණා. ඒ පලාතෙන් එන හිතවතෙක් පසුගිය සතියේ කිව්වා ගහකට ඉන්දීය රුපියල් 20ක් හා ගෙඩියක් ගානේ අයකරත් ඒ වැඩේට කට්ටිය නැතිලු (ඔවුන්ගේ පිරිමි ජනග්‍රණය ලොව පුරාම එකයි කාරණය, ඒ මනුස්සයට මුවින් නොකීවෙමි). බැල ගෙඩි ක්‍රමය ලංකාවේ විරතක් නෙවේ අනික් තැන් වලත් පවතිනවා.

    බොහෝම ස්තුතියි නංගී සටහනක් තැබුවාට.

    ReplyDelete
  8. @Bindi:
    බ්ලොග් සාගරයේ ගල්මල් අඩවිය පුංචියි නොවැ, හොයාගෙන ආවාට ගොඩාක් ස්තුතියි කියන අතර ඉතා සාදරයෙන් පිලිගන්නෙමු.

    නෙළුම් විලේ පොත් ගැන සංවාදය ගොඩාක් හිත් ගත්තා, ජය පතනවා.

    ReplyDelete
  9. @Chandi:
    අක්කේ ඉදුන රට ඉඳි රස වුනාට වේලිලා ඉදෙන ඒවා තමයි ගුණ කියන්නේ. අනෙක් පලතුරු වගේ නෙවේ රටඉඳි වේලෙන්න පටන් ගන්නේ ගහේ දී ම. ඒත් ඒවා සැකසීමේ පහසුව නිසා එතරම් වේලෙන්න කලින් පලදාව නෙලනවා ඇති.

    හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා කොළඹ පාරවල් දිගේ කිතුල් ගස් වවන සැලැස්මක් ගෙනාවේ ජේආර් රජයේ මුල් කාලයේ. ඒ කාලේ දිගට හරහට ඒ සැලස්මට බැට දුන්නා මතක් වුනා මුල්ම වතාවට පාර දෙපැත්තේ ඉඳිගස් දැක්කාම.

    බොහෝම ස්තුතියි අක්කේ නොවරදවා ඇවිත් සටහනක් තියන එකට.

    (සිතුවිලි උයනේ අලුත් පොස්ට් එක පේන්නේ නැහැ. මේ ටිකේම බ්ලොගර් එක එක කරදර කරනවා. මට කොමන්ට් කරන්නත් බැහැ බොහෝ තැන්වල.)

    ReplyDelete
  10. @නලිනි චන්දිමා:
    ප්‍රෙසන්ටේෂන් එක සකසන විට සහරා කාන්තාරයේ ඉඳි වදුල පිංතුරය ඔහේ බලාගෙන හිටපු වාර අනන්තයි. ඒ පිංතූරය මොනතරම් දේවල් කියාපානවාද?

    පරණ වෙන තරමට රටඉඳි රසවත්, ගුල්ලෝ වගේ සතුන් බෝ නොවුනොත් සෑහෙන කාලයක් තියන්න පුලුවන්. ඉස්සර මං අහලා තිබුනා ලංකාවට ගෙන එන්නේ පැණි ගත්තු ඒවා කියලා, ඒක නිකම් කතාවක් විතරයි.

    බොහෝම ස්තුතියි නංගී සටහනට, මේ ප්‍රෙසන්ටේෂන් එක බොහෝම උනන්දුවෙන් කල එකක්. තවත් ස්ලයිඩ් ෂෝ එකක් කරමින් ඉන්නේ.

    ReplyDelete
  11. ස්තූතියි, ඩීන්, ඔබ බොහෝ වෙහෙසවී කල නිර්මාණය අප හා බෙදා ගත්තාට,

    මැද පෙරදිග කතරේ වැවෙන එකම පළතුර ඉඳි නිසා එහි සිරුරට අවශ්‍ය සියලු පෝෂක අඩංගු කොට දෙවියන් විසින් මැවූ බව මගේ ඉස්ලාම් භක්තික මිතුරෙක් මා සමඟ පැවසුවා.

    ReplyDelete
  12. @Ravi:
    බොහෝම ස්තුතියි රවී ඔබේ සටහනට හා විස්තරයට.

    රමසාන් මාසයේ උපවාසයේ (නෝම්බි) යෙදිලා හිරු බැස යද්දි ඉන් මිදෙන්න රටඉඳි මදුලක් කෑමයි චාරිත්‍රය.

    ReplyDelete
  13. බොහොම වැදගත් තොරතුරු... ස්තුතියි...

    ReplyDelete
  14. @හරී:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට

    ReplyDelete