රටඉඳි ගස ගැන තොරතුරු ප්‍රතාපවත් රටඉඳිගස පොස්ට් එකෙන් හා පිංතූර සහිතව වැඩි විස්තර ස්ලයිඩ් ෂෝ එකක් හැටියට කලින් ඉදිරිපත් කරා.
ගොවිපල වගාවට අමතර අලංකාරය (landscape) සඳහා ද රටඉඳි ගස් වවනු ලැබේ. අපි ජීවත් වෙන මැදපෙරදිග දේසයේ එවන් අලංකාරයට වවපු ඉඳිගස් තීරුවක මගේ හිත වඩාත් ඇදී ගිය ගස් කිහිපයක පිංතූර එකතුවක් 'ස්ලයිඩ්-ෂෝ' එකක් හැටියට මෙ මේ සමඟ ඉදිරිපත් කරනවා.
මෙහි දකුණත පැත්තේ පහළ කෙළෙවරේ දකින්නට ඇති හතර මුලුවලට දිස්වූ ඊතල මත ක්ලික් කර Full Screen view කරත හැකිය.
ප.ලි: මේ පින්තූර එකතුව සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ගත් ඡායාරූප වලින් සකසූ එකකි. කිසියම් අඩුපාඩුවක් ඇතොත් සමාකරනු මැනවි. හොඳ කැමරාවක් ගන්න තියෙන අදහසත් හරියට, ස්ලයිඩ්-ෂෝ එකේ දක්වා ඇති කුරු ඉඳිගස්වල පැහෙන රටඉඳි හරියට ඉදෙන්න කලින් නැතිවෙනවා වගේම; හැලී යනවා.
නියමයි ඩීන් අයිය.ආසාවෙ බෑ රට ඉඳි ටික දැක්කම
ReplyDeleteමට හරි ආසයි රටඉඳි ගහෙන් කඩාගෙන කන්න, ලංකාවෙ ඉඳි නං මම එහෙම කාල තියෙනව
ReplyDeleteඅවංකෙන්ම ඩීන් අයියා, උදේ හවස යටින් ගියත් රටඉඳි ගහක මෙහෙම සුන්දරත්වයක් දැක්කෙ අදමයි.. අපූරු පිංතූර එකතුව...
ReplyDeleteතලු මර මර කෑවා මිස් මේ වගේ දෙයක් දැනං හිටියේ නෑ නේ... ඉෂ්ඨූඨියි ගල්මල්ලයියා... :D
ReplyDeleteහරිම ලස්සනයි ඩීන් අය්යා. විශේෂයෙන්ම අර වීදිවල ඇත්තෙන්ම හරිම සන්සුන්, තැන්පත් බවක් ලැබිලා තිබුණා ඉඳි ගස් පේළිය නිසා.
ReplyDeleteඉදීගෙන යන ගෙඩි සහිත සමහර ගස්වල පාට දෙකක ගෙඩි පැහැදිලිව පෙනුණා. එක වල්ලක ගෙඩි එකවර ඉදෙන්නෙ නැතුවා වගෙයි.
අම්මෝ පුදුම ලස්සනයිනේ . කාන්තාරයට දෙවියෝ දීපු තෑග්ගක් වගේ නේද . ගොඩක් ලස්සන පොස්ට් එකක් . කැමරාව ප්‍රශ්නයක් නැහැ . දුලත් ආස වෙයි මේක බලන්න . මැලේසියාවෙත් කඩ වල නානාප්‍රකා ර රට ඉඳි තිබුන . ලොකු ගෙඩි ..පොඩි ගෙඩි ..වේලපුව ..යන්තම් වේලපුවා. මගේ ප්‍රියතම කෑමක් . හොඳටම කෙට්ටු කාලේ කව්ද කිව්වා රට ඉඳි කෑවම මහත් වෙනවා කියල . කිලෝ ගණන් කෑවා, ම්හු ග්රෑම් සියක් වත් වැඩි වුනේ නැහැනේ .
ReplyDeleteඅයියා කොච්චර මහන්සිවෙලාද මේ ලිපිය හදන්න. අවුරුදු තුනක් මෙහෙ ඉඳලත් මමත් හරියට රටඉඳි මලක් දැක්කෙ මේකෙන්. ඉදුනයින් පස්සෙනං ඕනතරම් ගස් යටට වෙලා ඉඳලම කාලා තියෙනවා. මට නං දැනෙන්නෙ ටිකක් අපේ රටේ සැපතිල්ලා ගෙඩිවල රහත් එනවා කියලා.
ReplyDeleteහරිම ලස්සනයි. බොහොම ස්තුත්යි විස්තරයටත් පින්තුර වලටත්. කැමරාව මොකක් වුනත් photographer හොඳ නිසා ප්‍රශ්නයක් නෑ
ReplyDeleteඅපූරු විස්තරයක්.
ReplyDeleteලංකාවේ කොහේ හරි උද්භිධ උද්‍යානයක ගෙඩි හැදුනු ඉඳි ගසක් දැකපු බව මතකයි. කාලාන්තරයක් වෙහෙසිලා මහන්සියෙන් සකස්කළ ඡායාරූප එකතුවක්. ඉඳි ගසේ සුන්දරත්වය අපට පෙන්වීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි.
එතකොට ඔය අපි කන ඉඳි ඔච්චර පැණි බේරෙන්නෙ කොහොමද? ඉඳි ගෙඩි කැඩුවට පස්සේ රස කරන ක්‍රියාවලියක් සිදුකරනවද? නොදන්න නිසයි ඇහුවේ, මොකද එහෙම කතාවක් මට කෙනෙක් කියල තියෙනව. නමුත් ඇත්ත නැත්ත දන්නේ නෑ.
@කස්සා:
ReplyDeleteඅපිට ලංකාවේදී ලැබෙන රටඉඳි වලට වඩා වෙනස් පලදා වාරය අතර තුර දී ලැබෙන ඒවා. මේ දවස්වල සුපර්මාකට්වල පවා ඒවා පිරිලා. හැබැයි ඒවා කල්තියා ගන්න බැහැ.
බොහෝම ස්තුතියි මල්ලී සටහනක් තියා ගියාට.
@චේජනා:
ReplyDeleteගස්වල පිරිලා තියෙන පාට පාට රටඉඳි දැක්කාම කන්න හිතෙනවා. ඒත් අලංකාරය පිණිස වවන ගස්වලට සපයන වතුර treated/reclaimed වෙන්න පුලුවන්, ඒ නිසා පාරේ අයිනේ ගස්වලින් කඩාගෙන කන්න බැහැ. ඉඳි මෝරන වාරය පටන් ගනිද්දී නම් එක එක මාදිලියේ රටඉඳි ලැබෙනවා පෞද්ගලික ගොවිපලකින්. ඊට අමතරව වෙළෙඳ පොලින් ද ගන්න පුලුවන්.
@සපතේරු උන්නැහේ:
ReplyDeleteමෙහේ ජීවිතයේ තියෙන කාර්යබහුල හා යාන්ත්‍රික බව නිසා වටා පිටාව බලන්න තරම්වත් වෙලාවක් ඉතිරි කරන එකක්යැ. බොහෝම ස්තුතියි සටහනට.
@සෝරෝ:
ReplyDeleteලංකාවේ ඉඳහිට රටඉඳිගසක් වැවුනත් පල හටගන්න අවශ්‍ය අධික ඌශ්ණත්වය වගේ පරිසර තත්වයක් නැහැ, ඒ නිසා අපිට දැක ගන්න බැරි සොබාදහමේ තවත් වර්ණවත් දායාදයක් ගැන විස්තර ඉදිරිපත් කිරීමයි මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වුනේ.
බොහෝම ස්තුතියි මල්ලී සටහනට.
@නලිනි චන්දිමා:
ReplyDeleteපොස්ට් එකේ සඳහන් ඉඳිගස් තීරුව දකින්න ලැබෙන්නේ අබුඩාබි අගනගරය මධ්‍යයේ, උස තාප්පය වටා පෙදෙස කිලෝමීටර් 5-6ක් විතර ඇති. සලයිඩ්-ෂෝ හි අන්තිම ස්ලයිඩ් එකෙන් පෙනෙන ගනට ගස් වැවූ කොටස හරිම ලස්සනයි. නිස්කලංකයි. කොන්ක්‍රිට් වනයෙන් මිදෙන්න තියෙන විකල්පයක්. ඉඳිගස් වලට අමතරව යුක්ලිප්ටස් හා වෙනත් ගස් වර්ග ද කවලමේ වවා තියෙන්නේ.
නංගි සඳහන් කර ෆොටෝ වලින් ලස්සනම කොටස තමයි මගේත් වඩාත් හිත ගත්තේ. ග්‍රීස්ම කාලයේ හිරු බහින්න හවස හත පහුවෙනවා, එකෙන් ඒ පාට පාට ගෙඩි එකට තියෙන ඉඳි වලු වල පින්තූර ගන්න ඉඩ ලැබුනා. උදේ හිරු එළිය වැටෙන සැරට ඒ පාට පින්තූරවල හරියට පේන්නේ නැහැ.
එකම වල්ලේ ප්‍රමාණයෙන්, පැහැයෙ,න් පමණක් වෙලාවට හැඩයෙන් ද වෙනස් ගෙඩි දිහා කැමරාව මානන හැම වෙලාවෙම හිතට දැණුනේ මේ සරල දෙය මනුසත් අපි හැමෝම පිලිගන්නවා නම්... මේ පුංචි ලෝකය මීටත් වඩා ලස්සන වෙන්න, භෞතික/භූගෝලීය හැඩයට වඩා ගුණාත්මකව රවුම් වෙන්න පුලුවන් නේද කියන එකයි.
බොහෝම ස්තුතියි කවදත් වගේ දිරිගන්වන සටහනට.
@Bindi:
ReplyDeleteරටඉඳි ගහ අදත් අරාබිකරයේ ගොඩාක් ඉහළින් සැලකුම් ලබනවා. ගෙඩි පැහිලා ගහේම මෝරන කාලයේ එක එක අවදිවල නෙලාගන්නා වූ පලදාවට වෙනස් නම් ද තියෙනවා. මේ දවස්වල ඉහළ පෙලේ සුපර්මාකට් වල පවා විවිධ වර්ගයේ රටඉඳි වලින් පිරිලා. පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ ඒ ෆ්‍රෙෂ් රටඉඳි කල් තියාගන්න බැහැ පැසවීමට බාජනය වෙන නිසා.
වියළි රටඉඳි වල ග්ලූකොස් වලට වඩා සුක්‍රෝස් හා ෆෘක්ටෝස් බහුලව තියෙන නිසා දියවැඩියාව රෝගීන්ට රටඉඳි කෑම ප්‍රශ්ණයක් නැහැ කියයි. තවද කොලෙස්ටරෝල් හා ශරීරයේ මේදය අඩුකරන්නත් රටඉඳි හොඳ බවත් කියයි.
බොහෝම ස්තුතියි බින්දි සටහනට.
@හරී - පිණිපළස:
ReplyDeleteමෝරපු රටඉඳි වල සිට හොඳට ඉදෙන ගෙඩි එක එක අවදියේ වෙනස් රසයන් වලින් පිරෙනවා. හොඳට මොරා පෘෂ්ඨිමත් කහ හෝ රතු ගෙඩිය ගොඩාක් කහට පිරිලා, එතැන් සිට පැහෙන ගෙඩි වෙනස් රසයක් දෙන්නේ.
මෙහේ තියෙන රශ්ණයේ ගිහිල්ලා පිංතූර ගන්න එක ලේසි නෑ, අවසානයේ ඉදිරිපත් කර දෙයින් දැනෙන්නේ ලොකු සතුටක්.
බොහෝම ස්තුතියි නංගී සටහනට.
@Chandy VIC:
ReplyDeleteක්‍රෙඩිට් ගොඩයි! බොහෝම ස්තුතියි චන්දි ඇගයීමට.
@පොත් ගුල්ලා:
ReplyDeleteකොළ පාට රටඉඳි ගැට පැහිලා මෝරද්දි හොඳ පෘෂ්ඨිමත් රතු, කහ හෝ දම් පට පිරුණ ගෙඩි හැටියට ලොකු වෙනවා. ඒවායේ මදය සුදු පාට ගන, කහට රසයක් පිරුණ දෙයක්. මේ පොස්ට් එකේ උඩම පේලියේ සඳහන් ස්ලයිඩ්-ෂෝ ලින්ක් එකේ 30 වන ස්ලයිඩ් එකෙන් එය දකින්න පුලුවන්. ක්‍රමයෙන් ගහේම ඉඳෙන ගෙඩි පැහැ වෙනස් වෙලා අර සුදු මදය තෙත බෙරි ගතියක් ඇති මදයක් හැටියට ඉදෙනවා.
ගහේම රටඉඳි හොඳට ඉදෙන අතර රටඉඳි වාරයේ අවසානය සලකුණු වෙන්නේ වසරේ උච්චම ඌශ්ණත්වය ඒමත් එක්ක, එයින් ඉදී ඇති රටඉඳි පලදාව පිච්චීමකට භාජනය වෙනවා. ඉන් අර පෘෂ්ඨිමත් ගෙඩිවල පිටත හැකිලුන ගතියක් ඇතිවෙනවා, ඒ කියන්නේ පලදාව නෙලාගන්න හරි යන්නයි. නෙලාගත් පලදාව හෝදා, පවනේ තවදුරටත් වේලා ගත්තාම කල් තියන්න පුලුවන්ලු, සරළ සැකසීමකටයි බඳුන් වෙන්නේ. මේ වේලීම නොකරන්න හා ස්වභාවික හිරු රැසින් පිච්චෙන්නේ නැතිව ඉදුන රටඉඳි මදුලේ ඇති පැණි පැසීමෙන් හානි වෙන්න පුලුවන් බව කියයි. සොබාදහම පරිසරය අනුව ගස්කොළන් බෙදා දී ඇති අපූරුව!
ඒ හැර රටඉඳිවල පැණි කවලාය කියන්නේ කතාවට වෙන්න ඇති.
බොහෝම ස්තුතියි ඇගයීම හා සටහනට.
පැහැදිලි කරදීම ගැන බොහොම ස්තුතියි.
ReplyDelete.ආසාවෙ බෑ රට ඉඳි ටික දැක්කම ,, කටට කෙල උනනවා ..
ReplyDelete@පොත් ගුල්ලා:
ReplyDeleteඒක ලොකු සතුටක් යාළු
@sanjaya සිතුවිලි:
ReplyDeleteදැනට බෙදන්න පුලුවන් ෆොටෝ හා විස්තර රසය විතරයි.
බොහෝම ස්තුතියි සටහනට.
හරිම ප්‍රයෝජනවත් ඉදිරිපත් කිරීමක්. බාගෙට ඉදුනු රට ඉඳි කන්න මමත් හරි ආසයි. ඒ වගේම කහපාටින්, රතුපාටින් වලු පිරුන රට ඉඳිගස් දිහාබලන් ඉන්නත්.
ReplyDeleteඔබේ උත්සාහයෙන් මමත් යමක් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි.
@readmyeye:
ReplyDeleteමා බොහෝම උනන්දුවෙන් එකතු කර පිංතූර කිහිපයක්. බොහෝම ස්තුතියි ඔබේ සටහනට.