Thursday, August 20, 2026

අයිස් කුට්ටියක් උඩ - The Tip Of The Iceberg

 


"නරක් වෙලා"
උගුල්ලපු දත
හරව හරවා බලනවා
දොස්තර
කීපවරක්ම ඔහුම පුරවපු
දත...

සයුරේ පාවෙන
අයිස් කුට්ටියක
දිය යට වෙත්ද කොච්චර
සඟවා ගෙන
බැලන්ස් කරන
කැප්ටන්!


ලුණු ඇබින්දක් ලෙස කොමාවක් ","
අවශ්‍ය තැන්වලදී එකතු කරගන්න


4 comments:

  1. ඒක නම් පට්ටයි ඩීන් අයියා. සීන් දෙක තුනක් හිතට එනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් සතුටුයි, ඒවා ගැන ලිව්වා නම්!
      බොහෝම ස්තුතියි සටහනට.

      Delete
  2. අමුතුම රසයක්. මම කල්පනා කලේ අර දත දිහා බලාගෙන කොච්චර නම් දේවල් ඒ දොස්තර ට හිතන්න පුළුවන් ද?
    *මීට වඩා හොඳට මට මේක කරන්න තිබුනා.
    *මගේම වරදින් දිවි අහිමි උන දතක්...
    *මෙච්චර දත් දැන දන්න මම අද තමයි හරියටම දතක් දැක්කේ.. 🙈

    ReplyDelete
    Replies
    1. On the tip of the iceberg කියන මැනේජ්මන්ට් සංකල්පය උඩ රටේ වත්මන් තත්වය ගැන දැනෙන හැටි, ඇති වූ අදහසක් අකුරු කරා. වැඩියේ නොලියා Encapsulate කරන්න "දත" විස්තරය යොදාගත්තා.

      බොහෝම ස්තුතියි, ඔබේ අදහස් ත්‍රිත්වය තවත් details කරනවා අලංකාරව.

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts