Saturday, January 13, 2024

නිදහස් කරමි | Freeing (ශනිදා දහයට!)

 



කුමට හිරකරම් ද
තාල තනු රිද්ම
කූඩුවේ...
නිදහස් කරමි
ඇඟිලි තුඩින්
පද පේලියේ,
මුමුනන්න
ඔබේ මුවින්
සිත් සේ
එක් කර
සිතැඟි තාලයේ...

18 comments:

  1. හරිම අපූරුයි එය.
    ජයවේවා !!!

    ReplyDelete
  2. හැමදාමත් වගේ අලුත් දැක්මක්. අපුරුයි. මට හිතුනා මම හැමදාම කලේ මේ ටික නේද කියලා. ඔබ සැම ලියන කවි, නිසදැස් මගේම තාලයකට ගයමින්ම තමා මම රස විඳින්නේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඒ ඇගයුමට. ඔව් ඉන් වෙනස්ම රහක් දෙනවා නේද?

      Delete
  3. අවසන් පද පේළියෙන් නව අර්ථයක් එකතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ ඇගයුම් සටහනට

      Delete
  4. හිරකර නොහැකි හැඟීම්...විවිචිත්‍රවත් ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබේ ඇගයුමට

      Delete
  5. එවිට ඉතින් සින්දුවක් ගැයේවිද

    ReplyDelete
    Replies
    1. ඔව්, එවිට සින්දුවක් තැනේවිද?
      එනමුත් නිදහස් කරනවා නම් සුළඟ, පරිසරය වටා පිටාව නිදහසේ විඳිමින් සැරිසරන්නට, සවනතේ... එය කවියක්මය.

      Delete

  6. හරිම ලස්සනයි....

    ReplyDelete
  7. මරැ. මේකත් අනුවාදයක්/ පරිවර්ථනයක් ද

    ReplyDelete
  8. බොහෝම ස්තුතියි! නැහැ. මගේම සංකල්පනාවක්.

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts