Monday, August 14, 2023

සමනළයා නුදුටු පියාපත් - You Can Fly


පුංචි නුඹේ
දිගෑරුන දෙපියාපත්
පුලුල්ය,
විචිත්‍රය,
අලංකාරය,
සවිමත්ය
නුදුටුවේ ද නුඹ
සමනළයෝ.
මින් මතු නුඹ
නොවෙයි පිලවෙකු,
හැඩි දළඹුවෙකු
රන් සමනළයෙකු මිස...
පියාඹතෑකි
උසින් උසට
දුරින් දුරට
නිදැල්ලේ...

දරුවා,
ඇයි බැරි,
නුදුටුවාට නුඹ
අත්තටු සවි ඇති
ලස්සන සමනළයෙකි
උසින් උසට
දුරින් දුරට
පියාසර කරතෑකි...


Personal Motivational සංකල්පයක් ආශ්‍රයෙන් කල නිර්මාණයකි

4 comments:

  1. අත්තටු කඩාගන්නැතුව පියාඹන එක තමයි හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ප්‍රසා, තෑන්q

      Delete
  2. ලස්සනයි නිර්මාණය.
    ජයවේවා !!!

    ReplyDelete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts