මල්පෙති වේදිකා නැත පිලිගන්න
කවුලු පත් වැහුනා
රූංගා එනවිට
කෙඳි පෙති විසිරී මල වට
ගෝලේ රටාවට
කටු පිරි අතුපතරින්
කෝමද බිඟුනේ
රොන් ඉරුවේ
ලස්සන සුමුදු රෝස
නිදිකුම්බා මලේ...
සටහන:
නිදිකුම්බා පඳුරේ හැකිලෙන-දිගහැරෙන ස්වභාවය නිසා නොයෙක් භාෂා වලින් නිදිකුම්බා පැලය සංවේදී පැලය, ලැජ්ජාශීලී පැලය කියන නම් දී තියෙන අතර උද්භිද විද්‍යාත්මක නම මිමෝසා පුඩිකා (Mimosa Pudica - සංවේදී පැලය යන අරුත) වේ. දෙමළ බසින් තොට්ටා සිනින්ගි (Thotta-siningi) යැයි කියන බව ලඟකදී දැන ගත් නමුත් අපේ ගම් පලාතේ කතාකරන දෙමළින් කියන්නේ තොට්ටාල් වාඩි (ඇල්ලුවෙත් මැලවෙන කියන අරුත) කියාය. ඉංග්‍රීසියෙන් sensitive plant, sleepy plant, action plant, touch-me-not, or shame plant වශයෙන් නම් කිහිපයකි.
+++++++++++
ReplyDeleteබොහෝම ස්තුතියි
Deleteකටු අතරේ
ReplyDeleteරුව විසුරේ....
ජයවේවා !!!
ඒක ලස්සනයි!
Deleteගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා!
ස්තූතිය
Deleteජයවේවා !!!