Tuesday, August 22, 2023

අපේක්ෂාව - Hope


 

කෙඳි වලා රොදක්
හිස් නිල් අහසේ තනිවෙලා
උදා හිරු රැසින් දිලෙනවා...
ඈත අහස් කුසේ
ලිහිණියෙකු කරනම් ගසයි...

ඉරි තැලුන පොලවක
පත් හැලී වියලි රුක
අහස බලාන අසරණව,
ඉල්ලනවා දෝ දිය බිඳක්
හිස් අහස යට,
අතු අග දළුලන්නට...

2 comments:

  1. කාලෝචිත ලස්සන නිර්මාණයක්.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. සජීවියෙකුගේ ප්‍රාර්ථනාව!

      Delete