Tuesday, May 16, 2023

ක්ෂිතිජ ඉම - The Horizon

 


ඈත සයුරේ
අහස කරදිය සිඹින්නේ
විඩාබර හිරු
කිරණින් දවස'ග පාට කරන්නේ
පන්හිඳ හබල
ක්ෂිතිජ ඉමය සොයන්නේ
කුරුලු රෑන
ගී ගයමින් තටු සලන්නේ
සැහැල්ලුවෙන් උන්
කොහෙදැයි මේ ඇදෙන්නේ
ක්ෂිතිජ ඉම ද
සොයන්නේ...

4 comments:

  1. අජිත් ධර්මාMay 16, 2023 at 1:26 PM

    මට නම් හිතෙන්නේ උන් ගෙවල් වලට යනවා ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. ඉරබැස්මේ මන්ස්කාන්ත දර්ශණයට වහවැටිලා පියාඹනවා වෙන්න බැරිද?

      Delete
  2. හැමදාම වගෙ අපිව අත්‍රමං කරණ පොඩි කවියක්..

    ReplyDelete
    Replies
    1. ක්ෂිතිජය මායාවක්, මුලාවක් හැටියට දැක්වූවත් ක්ෂිතිජය විටෙක උත්ප්‍රේරකයක්, තව ඉදිරියට ඇදෙන්න, තරණය කරන්න...
      විශේෂයෙන් team building වලදී පාවිච්චි කරනවා මේ විදියට Expand your horizon...

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts