ඈත සයුරේ
අහස කරදිය සිඹින්නේ
විඩාබර හිරු
කිරණින් දවස'ග පාට කරන්නේ
පන්හිඳ හබල
ක්ෂිතිජ ඉමය සොයන්නේ
කුරුලු රෑන
ගී ගයමින් තටු සලන්නේ
සැහැල්ලුවෙන් උන්
කොහෙදැයි මේ ඇදෙන්නේ
ක්ෂිතිජ ඉම ද
සොයන්නේ...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
මට නම් හිතෙන්නේ උන් ගෙවල් වලට යනවා ඇති
ReplyDeleteඔව් එහෙම වෙන්නත් පුළුවන්. ඉරබැස්මේ මන්ස්කාන්ත දර්ශණයට වහවැටිලා පියාඹනවා වෙන්න බැරිද?
Deleteහැමදාම වගෙ අපිව අත්‍රමං කරණ පොඩි කවියක්..
ReplyDeleteක්ෂිතිජය මායාවක්, මුලාවක් හැටියට දැක්වූවත් ක්ෂිතිජය විටෙක උත්ප්‍රේරකයක්, තව ඉදිරියට ඇදෙන්න, තරණය කරන්න...
Deleteවිශේෂයෙන් team building වලදී පාවිච්චි කරනවා මේ විදියට Expand your horizon...