Friday, May 26, 2023

වට වට - Circles

 


වට, වට අඳින
කව කටුව
හිත, හිත ඇතිනම්
දිගෑරිය හැකිය
තුඩ, තුඩ ඇඟිලි
හසුරු වන
කව, කව පැහැ
ළා තද විය හැකිය
එක,  එක මත
වැටි නොවැටෙන
නෙක, නෙක සදතෑකි
හැඩ දිලෙන
සමවාය
බැබළෙන...


සටහන:

ජ්‍යාමිතිය අනුව වට, කවය, වෘත්තය කොහොම කිව්වත් circle, මිනිස් සමාජයේ ද කවයන් ඕනෑ තරම්ය.  කවයන් හැටියට ඒකරාශී වෙන තැන සම හෝ ආසන්න වශයෙන් සම අදහස්, සිතුම් පැතුම්, රුචියන් තිබිය හැකිය, ඒ වගේම වෙනස් කවයන් දෙකක වුණත් සමාන අදහස් දරන කොටස් සිටිය හැකිය.  ජ්‍යාමිතිය අනුව කවයන් කීපයක් එක මත එක සමව හෝ අසමව වැටීමෙන් ඇති වෙන්නේ, සමවාය; එහෙමත් නැතිනම් ඒ කවයන්හි පොදු තැන ඒක union හැටියට කියන්නේ. වට, වට වටා ඒකරාශී වුණත්, ඉන් මතුවෙන පොදුතාවය, ජ්‍යාමිතිකව ඇති කරන අලංකාරය අලුත් රූප මවන්න පුළුවන් නේද? එහෙමනම්, සමාජයේ...

No comments:

Post a Comment

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts