මද පවන
සැඩ සුළඟ
මාරුතය
ජයගෙන ඉඳින්නැ'ති
වාර අවාර
තරණය කර
ගස රකින්නැ'ති
ඉඩදී
නව දළු, රිකිලි
හැලෙන්නැ'ති...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...
එම්. ඩීන් ගෙන් තරමක් රසවත් කවි පදක්.
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට
Deleteඉගිල යන පතකට ඉඩදී
ReplyDeleteනෙත් හරින ලදල්ලක් ලඟදී
හැරිලා බැලෙයි නොවැර දී
අළුත් කිසිවක් පිපී ඇද්දැයි
හිතේ අහුමුල්ලකවත් සැඟවී....
මේ පදටික හරිම සුන්දරයි, ඇත්තෙන්ම තැතිගෙන බලනවා ඇති, කවදා හරි සොබාදහමට අවනත වෙලා හැලෙන්න වෙනවා නේද කියලා. බොහෝම ස්තුතියි ඔබට.
Deleteඅලුත් අයට තැන දීල හැලිල යන්නැති එකෙන් සෑහෙන විපත්ති සිද්දවෙනව කියල පේනවනෙ.
ReplyDeleteඔව් ප්‍රසා, සවබාධර්මයේ නීතිය. ස්තුතියි ඔබට.
Deleteඅරුත්බර නිසඳැසක් . කුරුන්දගේ බ්ලොගේ කොමෙන්ට් දැකල ආවේ. ප්‍රසාන් එහෙමත් ඉන්නවනේ
ReplyDeleteපළමුව ගෞරවයෙන් සෙනෙහසින් ගල්මල් අඩවියට පිලිගන්නවා. ඔබේ ඇගයුම බොහෝම වටී, බොහෝම ස්තුතියි.
Deletelassanayi..! apuruyi deen ayye.!
ReplyDeleteබොහෝම ස්තුතියි රවා මල්ලී
Delete