පොද පොද වහින වැස්ස
දිලෙන රැස්දෙන හිරු
කැළුම් දෙන සඳ
නුඹ මිස
ඉවුරු සුරකින ගංදිය
රන් වැලිකැට පිරි වෙරළ
රිද්මය දෙන හද
නුඹ මිස
ඇසැ'ති ඉඳි කටුව
සිහින් හූයන් ඇදගෙන යන
රිදුම් දුන්න ද රටා මවන
නුඹ මිස
නිම් නැති ගිම්හානය
හැලුනත් කොළ හැම
වසන්තයම පතන හෙමන්තය
නුඹ මිස
නිමි නිමි දිලෙන තරුකැට
අඳුරු අහස යට
නවසඳ යදින සේපාලිකාව
නුඹ මිස,
වෙන කවුරුද දිරි දෙන
No comments:
Post a Comment