Saturday, February 26, 2022

පැවැත්ම - Survival


ගවයින් වටා ද
සුදු කොක්කු
ගැවසෙති 
පැවැත්ම උදෙසා...

3 comments:

  1. සටහන:
    තණකොළ බුදිමින් ඉන්නා ගවයින් පිට හා උන්ගේ පා අවට කොක්කු රැඳී ඉන්නවා දැක ඇති, බොහෝ විට සුදෝ සුදු කොක්කු. උන්ට බොහෝ ඈතට හා උසට පියාසලන්න හැකියාව ඇතත් හරක් වටා රැඳෙන්නේ ඇයි?

    අනෙකුත් තෘණ බුදින සතුන් මෙන්ම ගවයින් ද තණකොළ යායන් අවුස්සමින් බුදින විට ඇති වෙන හිරිහැරය නිසා තණබිස්සේ සැඟවී ඉන්නා තණකොළපෙත්තන් වැනි කුඩා කෘමි සතුන් ඉන් ඉවතට පියාඹයි, ගවයින් පාමුල ඉන්නා කොක්කු බොහෝම ලේසියෙන් ඒ සතුන් ගොදුරු කරගනී.

    තවද, ගවයින්ගේ සම මත ඇලී ලේ උරාබොන කෘමීන් වෙති, ඔවුන් පරපෝෂිතයින්ය. ගවයාගේ පිටමත රැඳී ඉන්නා කොක්කු ලේ උරාබොන පරපෝෂිතයින් අහුලා බුදී. ගවයා ද කලබල නොකර සිටියි.

    එය පැවැත්ම (survival) හා සහජීවනය (co-existence) කියන්න පුළුවනි. මෙම සොබාදහමේ බැඳීම/ඇලීම මනුස්ස සමාජයටත් පොදු නොවෙද?

    ReplyDelete
  2. මනුස්සයට ඕව අදාල නෑ. ඔක්කොම නැති කරගෙන තමං විතරක් හිටියම ඇති කියලයි හිතන්නෙ. අන්තිමේ තමන්ට වෙන දේ ගැන හැඟීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම, එය සාමාන්‍ය නොර්ම් එක වෙලා

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts