Thursday, February 17, 2022

නොදනිමි...

 


ඈත අහස නැමී පහළ
සුවිසල් සයුර සිඹින
සිතිජ ඉමේ නිසසල
එද්දි වෙරළට රළ පෙළ
වියරු වෙන්නේ කෝමද...

පාට පාට මල් පෙති
සමනොළ තටු පිරිමැද
හමන මුදු මද නල
අතු ඉති රිකිලි සිඳින්නට 
නපුරු වෙන්නේ කෝමද...

සුන්දර සිනහව ලාලිත කතාව
සැණෙකින් යට කර
රුදුරු කේන්තිය
මතු වෙන්නේ කොයින් කෝමද,
නොදනිමි...

2 comments:

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts