Friday, December 17, 2021

සාපලත් පියාපත්

 


අඩ සඳේ කැළුම්
මුවාකර වැහි වලා
වීදුරු කවුළු එකිනෙක පහුකර
කඳෝකිමියෙක් පියෑඹුවා
මගේ කුටියේ අඳුර මකන
ඉටිපන්දම් දැල්ල
සුළඟේ සැලෙනවා
මියුරු දම් දෙසුමක්
කන වැකෙනවා
දැහැන බිඳමින්
මොකෙක් දෝ රූං ගාගෙන
දැල්ලට ඇදෙනවා
වරක්, දෙවරක්
උගේ පණ බේරුවා
බලෙන් දැල්ලට ළංවූ
ඌ කේන්තියෙන් දොඩවනවා
මොහොතකින්,
පියාපත් දැවී අළුවි
පොළොවෙ වැතිරුණා
මෙරුවෙකු නිසසල වුණා...

6 comments:

  1. සාපලත් පියාපත් - අගෙයි පදවැල්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු.

      Delete
  2. මෙරුවෙකු නිසසල වුණා...
    අගෙයි :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කස්ස මල්ලි.

      Delete
  3. Replies
    1. බොහෝම ස්තුතියි තිල්ස් නංගි, බොහෝම සන්තෝසයි ගල්මල් බලන්න ආවාට.

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts