අඩ සඳේ කැළුම්
මුවාකර වැහි වලා
වීදුරු කවුළු එකිනෙක පහුකර
කඳෝකිමියෙක් පියෑඹුවා
මගේ කුටියේ අඳුර මකන
ඉටිපන්දම් දැල්ල
සුළඟේ සැලෙනවා
මියුරු දම් දෙසුමක්
කන වැකෙනවා
දැහැන බිඳමින්
මොකෙක් දෝ රූං ගාගෙන
දැල්ලට ඇදෙනවා
වරක්, දෙවරක්
උගේ පණ බේරුවා
බලෙන් දැල්ලට ළංවූ
ඌ කේන්තියෙන් දොඩවනවා
මොහොතකින්,
පියාපත් දැවී අළුවි
පොළොවෙ වැතිරුණා
මෙරුවෙකු නිසසල වුණා...
සාපලත් පියාපත් - අගෙයි පදවැල්...
ReplyDeleteබොහෝම ස්තුතියි, ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු.
Deleteමෙරුවෙකු නිසසල වුණා...
ReplyDeleteඅගෙයි :)
බොහෝම ස්තුතියි කස්ස මල්ලි.
Deleteහරි ලස්සනයි!
ReplyDeleteබොහෝම ස්තුතියි තිල්ස් නංගි, බොහෝම සන්තෝසයි ගල්මල් බලන්න ආවාට.
Delete