Wednesday, April 15, 2020

ඇඳිරියේ විරාමය - Curfew Interval


පඩිපත අහිමි
උර ඇට පෑදුණ
ගිනිගත් හිස්
තෝඩු අරුංගල්
මාල වළලු
අත්ලේන්සුවක ගුළිකරගෙන
බලා ඉන්නවා
ඔරලෝසුවෙ කටු
පිම්මේ දුවනවා
රන් කඩ පොළ
කළුවැල්ලෙ දිලෙනවා
මොනර කොලෙන්
තටුගසලා
සීතල සුපිරි පොළේ 
පෝලිමේ යනවා
සිලි සිලියක් අතේ අරන්
ගෙදර දුවනවා...

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts