Monday, October 24, 2016

දියබිඳු හදන වළාකුළු



පාවෙන
පුංචි පුංචි
සුමුදු
කෙඳි කැටිති
සදනා
මහමේඝ වළා...
මුවාකර
ඔදතෙදැති හිරුරැස්,
සඟවා
සඳ සාවුන්
දිලෙනවා
නෙක රටාපා...
විසිරෙන
රොන්-රොඳ වළා
සරසනවා
හිස්-අහස ලස්සනට...
උරණවෙලා
වළාපෙළ කලබලෙන්
දුවනවා
පරදා එකිනෙක...


ගැටෙන 
මහ වළාවන්
කෙටෙන
විදු සැර
නඟන
ගෙරවුම් යටකර
සැලෙන
සිරි පොද
මවන
පරිසරය නිසසල...
බැසයන
වැසි දිය
චාරිකාවේ
සොයා දියමං
නඟින්නට
දියබිඳුවි අහසට 
තනන්නට
සුමුදු වලාකුළු
වහින්නට
පොද වැස්සක්...

4 comments:

  1. Replies
    1. :) බොහෝම ස්තුතියි දිනේෂ්

      Delete
  2. ලස්සනයි.
    ජල චක්කරේම තියෙන්නෙ මෙතන. හැක්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ප්‍රසන්න
      (කොමන්ට් කරන්න බැරි ප්‍රශ්ණයක් තිබුණ නිසා පිළිතුර ප්‍රමාද විය)

      Delete

Featured Post

ඔබ ගෙනා ඇපලය ඔබම අරගෙන යන්න - Take The Apple Back

  මම IT වෘත්තිකයෙකු හැටියට නොයෙකුත් අංශයන්හි වැඩමුළු, පුහුණුකිරීම්, කණ්ඩායම් ගොඩනැඟීම්, ආදී කටයුතුවල මූලිකව වැඩකරා. සැලකිය යුතු කාලයක් ...

Popular Posts